වැදගත් සිදුවීම්
නාවික හමුදාධිපති ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පහළොස්වන (15) පාඨමාලාව අමතයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපතිගේ ආරාධනයකට අනුව එම විද්‍යාලයේ පහළොස්වන (15) මාණ්ඩලික පාඨමාලාව ඇමතීම සඳහා අද (2021 දෙසැම්බර් 06) සහභාගී විය.
06 Dec 2021
71 වන නාවික හමුදා දිනයට සමගාමීව උතුරු මැද නාවික විධානයේ ලේ දන්දීමේ වැඩසටහනක්

71 වන නාවික හමුදා දිනයට සමගාමීව උතුරු මැද නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් 2021 දෙසැම්බර් මස 04 වන දින ශ්‍රීලංනානෞ ගජබා ආයතනයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.
05 Dec 2021
71 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට සෙත් පතා සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් හා දානමය පිංකමක් වැලිසර නාවික සංකීර්ණයේදී

2021 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා වාර්ෂිකව සිදුකරනු ලබන සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාව හා දානමය පිංකම, 2021 දෙසැම්බර් 03 සහ අද (2021 දෙසැම්බර් 04) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සහභාගීත්වයෙන් වැලිසර නාවික සංකීර්ණයේදී සිදුකෙරිණි.
04 Dec 2021
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් රෝහණ ලේල්වල නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් රෝහණ ලේල්වල සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 දෙසැම්බර් 04) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.
04 Dec 2021
71 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා මුස්ලිම් පල්ලියේදී ආගමික වැඩසටහනක්

2021 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ මුස්ලිම් ආගමික වැඩසටහන අද (2021 දෙසැම්බර් 02) කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්විණි.
02 Dec 2021
71 වන නාවික හමුදා දිනයට සමගාමීව උතුරු නාවික විධානයේ ලේ දන්දීමේ වැඩසටහනක්

71 වන නාවික හමුදා දිනයට සමගාමීව උතුරු නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් 2021 දෙසැම්බර් මස 01 වන දින ශ්‍රීලංනානෞ උත්තර ආයතනයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.
02 Dec 2021
71 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර් දේවස්ථානයේදී හින්දු ආගමික වැඩසටහනක්

2021 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ හින්දු ආගමික වැඩසටහන අද දින (2021 දෙසැම්බර් 01) කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේස්වරර් හින්දු දේවස්ථානයේදී පැවැත්විණි.
01 Dec 2021
යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය මඟින් නාවික හමුදාවට උපකරණ ප්‍රදානයක්

මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී භාණ්ඩ පහසුවෙන් හඳුනා ගැනීම සඳහා භාවිතා කරනු ලබන පරිලෝකන යන්ත්‍ර (Portable Backscatter X-ray Machine) 04ක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත ලබා දීම යුරෝපා සංගමයේ නියෝජ්‍ය ධූත මෙහෙය ප්‍රධානී තෝර්ස්ටන් බාග්ෆ්රීඩ් (Thorsten Bargfrede - Deputy Head of Mission, EU) සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ (United Nations Office on Drugs & Crime - UNODC) නියෝජිතයින් විසින් අද (2021 නොවැම්බර් 30) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
30 Nov 2021
නාවික හමුදාව මඟින් පහසුකම් සංවර්ධනය කළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසැල් දෙකක් සිසු අයිතියට

හම්බන්තොට දිස්ත්‍රික්කයේ හුංගම, ඇත්බටුව කණිෂ්ට විද්‍යාලයේ සහ සූරියවැව, වීරියගම මහා විද්‍යාලයේ නාවික හමුදා දායකත්වයෙන් සංවර්ධනය කරන ලද පහසුකම් සිසු අයිතියට පත් කිරීම අද (2021 නොවැම්බර් 29) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි, චන්දිමා උළුගේතැන්න මහත්මියගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.
29 Nov 2021
ජාතික ආරක්ෂක විද්‍යාතනයේ ආරාධිත දේශනයක් සඳහා ගිණිකොන නාවික විධානයේ ආඥාපති සහභාගී වෙයි

කොළඹ, ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක විද්‍යාතනයේ (National Defence College – NDC) පළමු ජාතික ආරක්‍ෂක පාඨමාළාව සඳහා ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක 2021 නෙවැම්බර් මස 25 වන දින ආරාධිත දේශනයක් පැවැත්වීම සඳහා සහභාගී විය.
26 Nov 2021