වැදගත් සිදුවීම්

නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 12 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 23) කොමා තුඩුවට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

24 Apr 2019

වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් හයදෙනෙකු (06) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 22) මන්ඩතිව් දුපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

23 Apr 2019

නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගත් හෙරෝයින් තොගය සහ ධීවර යාත්‍රාව ගොඩබිමට රැගෙන එයි

ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාවට අනුයුක්ත නාවික පුද්ගලයින් ඊයේ (අප්‍රේල් 22) සිදු කළ විශේෂ මෙහෙයුමක් අතරතුර අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය සහ පුද්ගලයින් පස්දෙනා අද (අප්‍රේල් 23) උදෑසන ත්‍රිකුණාමලය නාවික වරාය වෙත රැගෙන එනු ලැබීය.

23 Apr 2019

ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනය සිය 25 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනය පසුගිය අප්‍රේල් මස 20 වන දින සිය අභිමනාවත් 25 වන සංවත්සරය සමරයි.

23 Apr 2019

ආසන්න වශයෙන් කි.ග්‍රෑ. 275 පමණ වූ මත්ද්‍රව්‍යය තොගයක් මුහුදේදී අත් අඩංගුවට

ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍යය නාශක කාර්යාංශය වෙතින් ලද තොරතුරක් මත සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් ශ්‍රී ලංකාවේ ඊසාන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ආසන්න වශයෙන් කිලෝ ග්‍රෑම් 275 ක් පමණ වූ හෙරොයින් බවට සැක කෙරෙන නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් සමඟ ශ්‍රී ලාංකිකයින් 05 දෙනෙකු අද දින (අප්‍රේල් 22) නාවික හමුදාවට අයත් සාගර නෞකාව මඟින් අත්අඩංගුවට ගන්නා ලදී.

22 Apr 2019

නාවික හමුදාව උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (අප්‍රේල් 21) උදෑසන උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුර නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගැනීමට සමත්ව ඇත.

22 Apr 2019

ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිදුරළ’ නෞකාව සිය පළමු සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරළ නෞකාව ඊයේ (අප්‍රේල් 21) සිය අභිමානවත් පළමුවන සංවත්සරය සමරන ලදී.

21 Apr 2019

නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 181 ක් සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (අප්‍රේල් 20) මඩකළපුව, කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 181 සොයා ගැනීමට සමත්ව ඇත.

20 Apr 2019

පානම කළපුවේ දියේ ගිලෙමින් සිටි තරුණියකගේ දිවි බේරා ගැනීමට නාවික හමුදාව සමත් වේ.

පානම කළපුවේ දිය නෑමට ගිය තරුණියක් දියේ ගිලෙමින් සිටියදී නාවික හමුදාව විසින් ඊයේ (අප්‍රේල් 19) බේරා ගැනීමට සමත් විය.                   

20 Apr 2019

ග්‍රෙගරි වැවේ ‘Jet Ski’ යාත්‍රාවක් පෙරලීමෙන් අනතුරට පත් පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගැනේ

නුවරඑළිය ග්‍රෙගරි වැවේ විනෝදය පිනිස ‘Jet Ski’ ජල ක්‍රීඩාවේ නිරතව සිටියදී අනතුරට පත් පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අද (අප්‍රේල් 19) බේරා ගැනීමට සමත් විය.

19 Apr 2019