නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් මුල්ලේරියාව අතරමැදි නිවාසයේ රෝගීන් වෙනුවෙන් විශේෂ දිවා ආහාර වේලක්

සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ මග පෙන්වීම යටතේ සේවා වනිතා ඒකකය මගින් නඩත්තු කරනු ලබන මුල්ලේරියාව අතරමැදි නිවාසයේ වාට්ටු අංක 07 හි අවශ්‍ය අළුත්වැඩියා කටයුතු සිදු කිරීමෙන් අනතුරුව අද (2020 පෙබරවාරි 01) එහි නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන් වෙනුවෙන් විශේෂ දිවා ආහාර වේලක් ලබා දීමට කටයුතු කරන ලදි.
01 Feb 2020
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය සහ ආරක්‍ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ නව සභාපතිතුමිය අතර හමුවක්

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය ආරක්‍ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ නව සභාපතිතුමිය වන චිත්‍රානී ගුණරත්න මැතිණිය 2020 ජනවාරි මස 30 වන දින ආරක්‍ෂක අමාත්‍යංශ සේවා වනිතා පරිශ්‍රයේදී, නිළ වශයෙන් හමුවිම සිදුවිය.
01 Feb 2020
පකිස්තානු නාවික හමුදා කාන්තා සංවිධානයේ සභාපතිනී ශහීනා අබ්බාසි වැලිසර නාවික පෙර පාසලෙහි සංචාරයක.

පකිස්තානු නාවික හමුදා කාන්තා සංවිධානයේ සභාපතිනී ශහීනා අබ්බාසි 2020 ජනවාරි 27 වන දින වැලිසර නාවික පෙර පාසලෙහි හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ චාරිකා වාරයක නිරත විය.
28 Jan 2020
සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන් දෙදෙනෙක් වෙනුවෙන් සමුගැනිමේ සාදයක්.

සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණිය සහ උප සභාපතිනිය ඇතුළු සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්ගේ ප්‍රධානත්වයෙන් සේවා වනිතා ඒකකයේ කාර්යයන්ගෙන් සමුගන්නා ලද ශයනි පුර්ණිමා විතානගේ මැතිණිය හා මේනකා සේරසිංහ මැතිණිය වෙනුවෙන් වූ සමුදීමේ වැඩසටහනක් 2020 ජනවාරි මස 03 වන දින නාවික හමුදා මූලස්ථාන නිලධාරි නිවාසයේදි අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.
06 Jan 2020
නාවික හමුදා පවුල්වල දරුවන්ගේ විනෝදාස්වාදය සඳහා සුහඳ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් කොළඹදී

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි” අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණියගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ පාසල් නිවාඩු කාලයේ දරුවන්ගේ විනෝදාස්වාදය සඳහා සුහද සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් සහ වෙනත් ක්‍රියාකාරකම් ඇතුලත් වැඩසටහනක් ගරු සභාපතිතුමියගේ සහභාගීත්වයෙන් 2019 දෙසැම්බර් මස 29 වන දින 0900 පැයේ සිට 1400 පැය දක්වා වැලිසර, නාවික තාක්‍ෂණික ආයතන ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට කටයුතු කරන ලදී.
30 Dec 2019
සේවා වනිතා ඒකකයෙන් ප්‍රජාසත්කාරක වැඩසටහනක්

සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ මඟපෙන්වීම යටතේ නාවික හමුදාවේ සේවය කරනු ලබන බනැවි ඩබ්ජිඩිඑස් බංඩාර, එක්ස්එස් 105447 දරණ නාවිකයා හට සුභසාධක මෙහෙවරක් ලෙස නිවසක් ඉදිකර ගැනිම වෙනුවෙන් සේවා වනිතා මුල්‍යමය පරිත්‍යාගයක් වශයෙන් රු. 500,000.00 ක මුදලක් පරිත්‍යාග කිරිම සහ නාවික හමුදාවේ සේවයේ යෙදි සිටියදි මියගිය ඉකා I එම්පි රාමනායක, ඊසි 49932 දරණ නාවිකයාගේ දරුවන් දෙදෙනා හට සේවා වනිතා ඒකකය මගින් අවශ්‍ය පාසල් උපකරණ ලබාදිම සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ සුරතින් 2019 දෙසැම්බර් මස 19 වන දින සිදුකරන ලදි.
20 Dec 2019
“පියවරක් හෙට” චිත්‍ර හා අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය කොළඹදී පැවැත්වෙයි

සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂක තුමන් හා එහි කාර්යමණ්ඩලය විසින් එහි අධ්‍යාපනය ලබන විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා එළිදක්වමින් “පියවරක් හෙට” නමින් පැවැත්විමට යෙදුණු චිත්‍ර හා අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණියගේ සුරතින් 2019 දෙසැම්බර් මස 03 වන දින සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කෙන්ද්‍රයේදි විවෘත කරන ලදි.
03 Dec 2019
උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රිලංනානෞ පණ්ඩුකාභය ආයතනයෙහි අභිනවයෙන් ඉදිකරන ලද නාවික පෙර පාසල විවෘත කෙරේ

සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ සංකල්පයකට අනුව හෙට දින ලොව දිනන්නට වෙර දරණ සේවයේ නියුතු නාවික පුද්ගලයින්ගේ දුදරුවන් ගේ අභිවෘද්ධිය වෙනුවෙන් උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රිලංනානෞ පණ්ඩුකාභය ආයතනයෙහි අභිනවයෙන් ඉදිකරන ලද නාවික පෙර පාසල 2019 නොවැම්බර් මස 27 වන දින ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව නාවික හමුදාධිපතිතුමාගේ සුරතින් විවෘත කිරීමට කටයුතු කරන ලදි.
29 Nov 2019
ශ්‍රිලංනානෞ තිස්ස නාවික පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගයක් පවත්වයි.

සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ පුර්ණ මගපෙන්වීම යටතේ නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමාගේ හා එම මැතිණියගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරන ලද ශ්‍රිලංනානෞ තිස්ස නාවික පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2019 නොවැම්බර් මස 26 වන දින නාවික හා සාගරික විද්‍යා පිඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු කරන ලදි.
29 Nov 2019
ශ්‍රිලංනානෞ දක්‍ෂීණ නාවික පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගයක් පවත්වයි.

සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ පුර්ණ මගපෙන්වීම යටතේ දකුණු නාවික විධානය භාර ආඥාපතිතුමාගේ හා යසින්තා විජේසේකර මැතිණියගේ පුර්ණ අධික්‍ෂණය යටතේ සංවිධානය කරන ලද ශ්‍රිලංනානෞ දක්‍ෂීණ නාවික පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2019 නොවැම්බර් මස 23 වන දින ශ්‍රිලංනානෞ නිපුන ආයතන ප්‍රධාන ශ්‍රවණාගාරයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විමට කටයුතු කරන ලදි.
25 Nov 2019