වැදගත් සිදුවීම්

මුස්ලිම් අන්තවාදය පිලිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රීලංනානෞ ‘නිපුණ’ ආයතනයේදී

දකුණු නාවික විධානයට අනුයුක්ත නිලධාරින් පිරිසක් විසින් මුස්ලිම් අන්තවාදය පිලිබඳව නාවික පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019 ජුලි 26 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ‘නිපුණ’ ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

28 Jul 2019

කේරළ ගංජා ලඟ තබා ගත් පුද්ගලයෙකු කොටු කර ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 ජූලි 27 වන දින මාතර, වල්ගම ප්‍රදේශයේදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

28 Jul 2019

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා පන්තියට එක් වූ පී 625 නෞකාවේ ප්‍රථම මෙහෙයුම - රෝගි වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි

මුහුදේදී රෝගි වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට 2019 ජූලි 27 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු කරන ලදී.

28 Jul 2019

දකුණු නාවික විධානයට අයත් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ තවත් වැඩසටහනක්

දකුණු නාවික විධානයට අයත් වෙරළ තීරයන් ආවරණය වන පරිදි පිරිසිදු කිරීමේ වැඩසටහනක් දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කස්සප පෝල් ගේ උපදෙස් මත අද (ජූලි 27) එම විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.

27 Jul 2019

නීල හරිත සංග්‍රාමයේ තවත් මෙහෙවරක්

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිර්මාණශීලි සංකල්පයක් මත ගොඩනැගුණු නීල හරිත සංග්‍රාමයේ තවත් එක් පියවරක් තබමින් දකුණු සහ ගිණිකොන නාවික විධානයන්හි නාවික පුද්ගලයින් විසින් කතරගම පුදබිම සහ කුමන ජාතික උද්‍යාන පරිශ්‍රයන් පිරිසිදු කිරිමේ වැඩසටහන් අද (ජූලි 27) ක්‍රියාත්මක කරන ලදි.

27 Jul 2019

ජපාන ආරක්‍ෂක ඇමති ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබාහු’ නෞකාවේ සංචාරයක නිරත වෙයි

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපන් ආරක්‍ෂක අමාත්‍ය, කෙන්ජි හරදා (Kenji Harada) මහතා අද (ජූලි 26) ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබාහු’ නෞකාවේ සංචාරයක නිරත විය.

26 Jul 2019

නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 24 වන දින ත්‍රිකුණාමලය, නෝර්වේ දූපත ආසන්න මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධිවර කටයුතුවල නිරත වූ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

25 Jul 2019

ඇමරිකානු මැරීන් බලකා නියෝජිත පිරිසක් නැගෙනහිර නාවික විධාන නියෝජ්‍ය ආඥාපති හමුවිය

එක්සත් ජනපද ශාන්තිකර කලාප මැරීන් බළකා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු ආරක්‍ෂක උපදේශක කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් 2019 ජූලි 24 වන දින නැගෙනහිර නාවික විධාන මුලස්ථානයේදී නැගෙනහිර නාවික විධාන භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු ජයන්ත කුලරත්න හමුවිය.

25 Jul 2019

පාකිස්ථානු නාවික හමුදා නියෝජිත පිරිස දකුණු නාවික විධානයේ සංචාරයක

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පාකිස්ථානු නාවික හමුදාව අතර තෙවන මාණ්ඩලික සාකච්ඡාව සඳහා මෙරටට පැමිණ සිටි පාකිස්ථානු නාවික හමුදා නියෝජිත පිරිස 2019 ජූලි 24 වන දින දකුණු නාවික විධානයේ සංචාරයක නිරත විය.

25 Jul 2019

ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රයක් කතරගමදී විවෘත කෙරේ

කොළඹ, හුනුපිටිය ගංගාරාම විහාරයට අයත් කතරගම ප්‍රදේශයේ පිහිටි ‘ගංගාරාම විශ්‍රාම ශාලාව’ පරිශ්‍රයේදී ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රයක් 2019 ජූලි 24 වන දින දකුණු නාවික විධාන භාර ආඥාපති, රියර් අද්මිරාල් කස්සප පෝල් ගේ ප්‍රදානත්වයෙන් ජනතා අයිතියට පත් කරන ලදි.

25 Jul 2019