වැදගත් සිදුවීම්

ග්ලයිෆොසේට් අඩංගු රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 මාර්තු 08 වන දින කොටහේන නගරයේ සිදු කළ වැටලීමකදී ග්ලයිෆොසේට් අඩංගු රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් (01) අත්අඩංගුවට ගන්නා ලදි.

09 Mar 2020

රාජකීය ඔස්ට්‍රේලියා නාවික හමුදාව සහ ශ්‍රීලංකා නාවික හමුදාව අතර සුහද ක්‍රිකට් තරගාවලියක්

සිව්දින (04) නිළ සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින රාජකීය ඔස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් පැරමැටා (HMAS Parramatta) නෞකාවේ නාවික පුද්ගලයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර අද (2020 මාර්තු 09) සුහද ක්‍රිකට් තරඟයක් පවත් වන ලදි.

09 Mar 2020

මුරුන්කන් පුරාණ විහාරස්ථානයේදී පැවති ආශිර්වාද සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනය සඳහා නාවික හමුදා දායකත්වය

ශ්‍රී ලංකාවේ සහ ලෝකවාසී ජනතාවට ආශිර්වාද පතා සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනාවක් 2020 මාර්තු මස 07 වන දින මුරුන්කන් පුරාණ විහාරස්ථානයේදී මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පවත් වන ලදි

09 Mar 2020

බලපත්‍ර නොමැතිව වැලි පටවමින් සිටි පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට

බලපත්‍ර නොමැතිව වැලි පටවමින් සිටි පුද්ගලයින් පිරිසක් 2020 මාර්තු 07 වන දින නාවික හමුදාව විසින් සිය භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

08 Mar 2020

‘නීල හරිත’ ව්‍යාපෘතිය යටතේ දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් වැඩසටහන් රැසක්

‘නීල හරිත පාරිසරික සංග්‍රාමය’ යටතේ සිදු කරනු ලබන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් දකුණු නාවික විධානයේ ගාල්ල, දික්වැල්ල සහ හම්බන්තොට යන ප්‍රදේශයන් කේන්ද්‍ර කර ගනිමින් 2020 මාර්තු මස 07 වන දින ක්‍රියාත්මක කරන ලදි.

08 Mar 2020

ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මගින් කැස්බෑ පැටවුන් 70 ක් සාගරයට මුදා හරියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ගිණිකොණ නාවික විධානයේ පානම කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථානය මගින් කැස්බෑ පැටවුන් 70 දෙනෙක් සයුරට මුදා හැරීම අද (2020 මාර්තු 08) සිදු කරන ලදි.

08 Mar 2020

සැක කටයුතු යාත්‍රාවක් නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2020 මාර්තු 06 වන දින ගාල්ල ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල හදිසි මෙහෙයුමකදී සැක කටයුතු යාත්‍රාවක් නාවික හමුදා බාරයට ගන්නා ලදි.

08 Mar 2020

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන වොලිබෝල් තරඟාවලිය - 2020

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන වොලිබෝල් තරඟාවලිය 2020 මාර්තු 01 වන දින සිට 07 වන දින දක්වා වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නී ආයතනයේදී පවත්වන ලදී.

08 Mar 2020

උත්තර ආයතනයේ යෝගට් ව්‍යාපෘතිය සඳහා ඉදිකරන ලද නව ගොඩනැගිල්ල විවෘත කෙරේ

සේවා වනිතා ඒකකය මගින් ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ පවත්වාගෙන යනු ලබන යෝගට් ව්‍යාපෘතිය සඳහා නව ගොඩනැගිල්ලක් විවෘත කිරීම 2020 මාර්තු 07 වන දින සිදු කරන ලදි.

08 Mar 2020

ඉන්දු-ලංකා අන්න්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කරමින් සාර්ථකව අවසන්වූ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය.

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කතෝලික බැතිමතුන් විසින් ඉමහත් ගෞරවයෙන් හා භක්තියෙන් යුතුව පුද පූජා පවත්වන ඉන්දු-ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මෙවරත් අති උත්කර්ශවත් අයුරින් අද (2020 මාර්තු 07) උදෑසන නිමාවට පත් විය.

07 Mar 2020