වැදගත් සිදුවීම්

බංගලාදේශ නාවික හමුදා ප්‍රධානී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

සිව් දින නිල සංචාරයක් සඳහා 2022 ජනවාරි මස 18 වන දින දිවයිනට පැමිණි බංගලාදේශ නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් එම් ශහීන් ඉක්බාල් (Admiral, M Shaheen Iqbal) අද (2022 ජනවාරි 19) නාවික හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය.

19 Jan 2022

ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සිදු කළ නාවික අභ්‍යාසයන්ගෙන් අනතුරුව ජර්මානු සහ ජපාන යුද නෞකා දිවයිනෙන් පිටත් වේ

නිළ සංචාරයක් සඳහා 2022 ජනවාරි මස 15 ‍වන දින කොළඹ වරායට සේන්දු වූ ජර්මානු නාවික හමුදාවට අයත් Frigate FFGH (123 Class) වර්ගයේ ‘BAYERN’ නෞකාව සහ ජනවාරි 16 දින ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත්, ‘URAGA’ හා ‘HIRADO’ යන නෞකා සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව බටහිර සහ නැගෙනහිර මුහුදේ පැවති නාවික අභ්‍යාසයන්ගෙන් අනතුරුව 2022 ජනවාරි 18 වන දින එම නෞකා දිවයිනෙන් පිටත්ව යන ලදී.

19 Jan 2022

ඓතිහාසික දීඝවාපිය ස්තූපයෙහි තැන්පත් කිරීමට නියමිත ධාතුන් වහන්සේලා වැඩම කරවීමේ පුණ්‍යමහෝත්සවයට නාවික හමුදාධිපති සහභාගී වෙයි

ඓතිහාසික දීඝවාපිය ස්ථූප පරිශ්‍රයේ මෑතකදී සිදුකළ කැණීම්වලදී සොයාගන්නා ලද සර්වඥ ධාතුන් වහන්සේලා මහා සංඝරත්නයේ බෞද්ධාගමික ආශිර්වාද මධ්‍යයේ දීඝවාපිය විහාරස්ථාන පරිශ්‍රයේ විශේෂයෙන් ඉදිකරන ලද “ධාතු මන්දිරය” තුළ තැන්පත්කිරීමේ පුණ්‍යමහෝත්සවය, ආරක්ෂක ලේකම් හා නැගෙනහිර පළාතේ ‘පුරාවිද්‍යා උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ’ සභාපති ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන් 2022 ජනවාරි මස 17 වන දුරුතු පුන් පොහෝ දින උදෑසන බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ දීඝවාපී විහාර පරිශ්‍රයේදී සිදුකෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

18 Jan 2022

ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ පහසුකම් පුළුල් කරන ලද සේවා වනිතා සුභසාධක වෙළඳසැළ විවෘත කෙරේ

නාවික හමුදා සේවයේ නියුතු නාවික පුද්ගලයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය ඉහළ නැංවීම පෙරදැරි කර ගනිමින් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ මග පෙන්වීම මත ශ්‍රීලංනානෞ මහානාග ආයතනයේ සුභසාධක වෙළඳසැලේ ඉඩකඩ පුළුල් කරමින් නව මුහුණුවරකින් ඉදිකරන ලද සේවා වනිතා සුභසාධක වෙළඳසැල නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2022 ජනවාරි මස 16 වන දින විවෘත කෙරිණි.

17 Jan 2022

‘GRACE GIRLS’ HOME’ ළමා හා වැඩිහිටි සුරුකුම් මධ්‍යස්ථානය වෙත නාවික හමුදාවේ මූලිකත්වයෙන් පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මූලිකත්වයෙන් ත්‍රිකුණාමලය, උප්පුවේලි ප්‍රදේශයේ පිහිටි ‘Grace Girls’ Home’ ළමා හා වැඩිහිටි සුරුකුම් මධ්‍යස්ථානය වෙත ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් නැගෙනහිර නාවික විධානයේ අඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස් ගේ ප්‍රධානත්වයෙන් 2022 ජනවාරි මස 16 වන දින එම ළමා හා වැඩිහිටි සුරුකුම් මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි.

17 Jan 2022

Decompression Sickness නැමති රෝගී තත්වයෙන් පීඩාවට පත්ව සිටි විදෙස් ජාතික රෝගියෙකු සදහා නාවික හමුදාව විසින් ප්‍රතිකාර කෙරේ

නාවික හමුදාව විසින් Decompression Sickness නැමති රෝගී තත්වයෙන් පීඩාවට පත්ව සිටි විදේශීය ජාතිකයෙකු හට ත්‍රිකුණාමලය, කිමිදුම් හා ගැලවීමේ ඒකකය මඟින් ලබා දුන් සාර්ථක ප්‍රතිකාරයන්ගෙන් පසුව එම රෝගියා සුවය ලබා 2022 ජනවාරි මස 13 වන දින පිටව යන ලදි.

17 Jan 2022

නාවික හමුදාව මඟින් පොල්පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරන ලද පොල්පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් 2022 ජනවාරි මස 15 වන දින උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලංනානෞ උත්තර ආයතන පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

16 Jan 2022

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු තානාපති නැගෙනහිර නාවික විධානයේ ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් 2022 ජනවාරි මස 13 වන දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස් හමුවිය.

14 Jan 2022

කොවිඩ් 19 එන්නත්කරණය සඳහා නාවික හමුදාව වෙතින් අද සිට නව එන්නත්කරණ මධ්‍යස්ථාන 02ක්

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදාව මඟින් සිදු කෙරෙන මහජනතාව එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙලට දායක වෙමින් කොළඹ ඛෙත්තාරාම මහා විහාරස්ථාන පරිශ්‍රයේදී සහ වැලිසර නවලෝක ක්‍රීඩාංගන පරිශ්‍රයේදී නාවික හමුදා වෛද්‍ය හා හෙද කාර්යමණ්ඩල මඟින් මහජනතාව වෙත එන්නත් ලබා දීම අද (2022 ජනවාරි 14) උදෑසන සිට ආරම්භ කෙරිණි.

14 Jan 2022

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුරට සමඟාමීව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුරට සමඟාමීව සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2022 ජනවාරි මස 09 වන දින උස්වැටකෙයියාව වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

10 Jan 2022