වැදගත් සිදුවීම්

නාවික හමුදාවේ දායකත්වයෙන් තණමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පිංකම උත්කර්ෂවත් අයුරින් පවත්වයි

තණමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය මෙවරත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ බැති බර දායකත්වයෙන් 2022 ඔක්තෝබර් මස 29 සහ 30 දින උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු කෙරිණි.

31 Oct 2022

නාවික හමුදාවට මුදල් ලබාදී නීතියෙන් ගැලවීමට තැත් කළ පිරිසක් නීතියේ රැහැනට හසුකර දුන් නාවික පුද්ගලයන් නාවික හමුදාධිපති ගේ ඇගයීමට

ත්‍රිකුණාමලය පුල්මුඩේ ජින්නපුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2022 ඔක්තෝබර් මස 26 වන දින පුපුරණ ද්‍රව්‍ය යොදාගනිමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකරමින් සිටියදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තිදෙනෙකු (03) මුදවා ගැනීම සඳහා නාවික පුද්ගලයන් වෙත මුදල් ලබාදීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගෙන නීතියේ රැහැනට හසුකරදුන් නාවික පුද්ගලයින්ගේ සේවය අගයමින්, අද (2022 ඔක්තෝබර් 28) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ඔවුන් වෙත ප්‍රශංසාත්මක ලිපි ප්‍රධානය කිරීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

28 Oct 2022

Indo-Pacific Endeavour 2022 සඳහා සහභාගී වන රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් යුද නෞකා ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පැවති නාවික අභ්‍යාසයකින් පසුව දිවයිනෙන් පිටත් වෙයි

Indo-Pacific Endeavour 2022 සඳහා සහභාගීවීමට 2022 ඔක්තෝබර් මස 25 වන දින කොළඹ වරායට සේන්දු වූ රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් ‘එච්එම්ඒඑස් ඇඩිලේඩ්’ (HMAS Adelaide) සහ ‘එච්එම්ඒඑස් ඇන්සාක්’ (HMAS ANZAC) යන යුද නෞකා ද්විත්වය ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ සහ සිදුරළ යන නෞකාවන් සමඟ පැවැත් වූ ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් අනතුරුව 2022 ඔක්තෝබර් මස 26 වන දින දිවයිනෙන් පිටත් විය.

27 Oct 2022

Indo-Pacific Endeavour 2022 සඳහා සහභාගීවන රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් යුද නෞකා 02 ක් කොළඹ වරායට සේන්දු වෙයි

Indo-Pacific Endeavour 2022 අභ්‍යාසය සඳහා සහභාගීවන රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් ‘එච්එම්ඒඑස් ඇඩිලේඩ්’ (HMAS Adelaide) සහ ‘එච්එම්ඒඑස් ඇන්සාක්’ (HMAS ANZAC) යන යුද නෞකා ද්විත්වය අද (2022 ඔක්තෝබර් 25) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම නෞකා ද්විත්වය නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

25 Oct 2022

පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව ශ්‍රී ලංකාව බලා පැමිණෙන අතරවාරයේ සිංගප්පූරුවේ චැංගී (Changi) වරාය වෙත සේන්දු වෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ සියැටෙල් වරායේ සිට පසුගිය 2022 සැප්තැම්බර් මස 03 වන දින කොළඹ වරාය බලා ගමන් ආරම්භ කල පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව 2022 ඔක්තෝබර් මස 22 වන දින උදෑසන සිංගප්පූරුවේ චැංගී වරායට සේන්දු වූ අතර, එම අවස්ථාව සඳහා සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්, ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මිය සහභාගී වන ලදි.

23 Oct 2022

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 248 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 238 ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 248 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 238 ක් සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2022 ඔක්තෝබර් මස 22 වන දින ‍ත්‍රිකුණාමලය, සාම්පූර් ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යන ලදී.

23 Oct 2022

‘Trinco Dialogue - 2022’ සාගරික සම්මන්ත්‍රණය ත්‍රිකුණාමලයේදී සාර්ථකව පවත්වයි

‘Trinco Dialogue – 2022’ සාගරික සම්මන්ත්‍රණය ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේදී 2022 ඔක්තෝබර් මස 21 වන දින නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පවත්වන ලදී.

23 Oct 2022

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සුජීව සෙනෙවිරත්න නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් සුජීව සෙනෙවිරත්න සිය වසර 34 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් අද (2022 ඔක්තෝබර් 21) දින විශ්‍රාම යන ලදී.

21 Oct 2022

නාවික හමුදාව මඟින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 400 ක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාර දෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් නිපදවන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 400 ක් සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්, වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය වෙත සංකේතාත්මකව භාර දීම 2022 ඔක්තෝබර් මස 19 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

20 Oct 2022

දිවිපිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් ශ්‍රී ලංකා ‍සේවා මුක්ත භට සංගමය විසින් නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වෙත පොපි මලක් පැළඳවයි

යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් පැවැත්වෙන පොපි සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා ‍සේවා මුක්ත භට සංගමයේ උප සභාපති රියර් අද්මිරාල් (විශ්‍රාමික) එස්ආර් සමරතුංග විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පොපි මලක් පැළඳවීම අද (2022 ඔක්තෝබර් 19) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

19 Oct 2022