වැදගත් සිදුවීම්

ඉන්දීය බටහිර නාවික නෞකා සමූහයේ අණදෙන ධජ නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දීය නාවික හමුදාවේ බටහිර නෞකා සමූහයට අණදෙන ධජ නිලධාරී රියර් අද්මිරාල් සමීර් සක්සේනා (Rear Admiral Sameer Saxena, Flag Officer Commanding Western Fleet Indian Navy) අද (2022 මාර්තු 10) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

10 Mar 2022

ප්‍රංශය, බංගලාදේශ සහ ඉන්දීය නාවික හමුදාවන්ට අයත් යුද නෞකාවන් කොළඹ සහ හම්බන්තොට වරායන්ට සේන්දු වෙයි

ප්‍රංශය, බංගලාදේශය සහ ඉන්දීය නාවික හමුදාවන්ට අයත්, යුද නෞකා 04ක්, 2022 මාර්තු 08 සහ 09 යන දිනයන්හි දී නිළ සංචාර සඳහා කොළඹ සහ හම්බන්තොට වරායන් වෙත සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම යුද නෞකාවන් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

10 Mar 2022

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සංජීව ඩයස් නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් සංජීව ඩයස් සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2022 මාර්තු 09) දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

09 Mar 2022

නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න වැඩ භාර ගනී

රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න නැගෙනහිර නාවික විධානයේ නව ආඥාපති වශයෙන් අද (2022 මාර්තු 08) දින ත්‍රිකුණාමලයේ පිහිටි එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

08 Mar 2022

උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක වැඩ භාර ගනී

රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක උතුරු මැද නාවික විධානයේ නව ආඥාපති වශයෙන් අද (2022 මාර්තු 08) දින තලේමන්නාරම, එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

08 Mar 2022

මිලාන් - 2022 බහුපාර්ශ්වික නාවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව සහභාගී වේ

ඉන්දීයානු නාවික හමුදාව විසින් 11 වන වරටත් පවත්වන ලද මිලාන් - 2022 බහුපාර්ශික නාවික අභ්‍යාසය, මෙවර ඉන්දියාවේ විසාකාපට්නම් වරාය සහ නැගෙනහිර ඉන්දීය මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් 2022 පෙබරවාරි මස 25 වන දින සිට 2022 මාර්තු මස 04 වන දින දක්වා පැවැති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව සහභාගී විය.

07 Mar 2022

උතුරු මැද නාවික විධානයේ ඉදිකිරීම් ව්‍යාපෘති කිහිපයක් නාවික හමුදාධිපති විසින් විවෘත කෙරේ

උතුරු මැද නාවික විධානයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන්, සිදු කරන ලද ඉදිකිරීම් ව්‍යාපෘති කිහිපයක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න විසින් 2022 මාර්තු මස 05 වන දින විවෘත කරන ලදී.

06 Mar 2022

ඉඳුරාම බඳවා ගත් නිලධාරීන්ගේ විසිරයාම සහ සේවා ප්‍රවේශ අපේක්‍ෂකයින් අධිකාරියට පත් කිරීම නාවික හා සාගරික විද්‍යාපීඨයේදී

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවට ඉඳුරාම බඳවාගත් නිලධාරීන් විසිරයාම සහ සේවා ප්‍රවේශ අපේක්‍ෂකයින් අධිකාරියට පත් කිරීමේ උත්සවයක් නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දුගේ ආරාධනයෙන්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් සංජීව ඩයස් ගේ ප්‍රධානත්වයෙන් 2022 මාර්තු මස 05 වන දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පැවැත්විණි.

06 Mar 2022

ගිනිකොන නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් මහින්ද මහවත්ත වැඩ භාර ගනී

රියර් අද්මිරාල් මහින්ද මහවත්ත ගිනිකොන නාවික විධානයේ නව ආඥාපති වශයෙන් 2022 මාර්තු මස 04 වන දින එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

06 Mar 2022

මැරීන් බලඇණියට අනුයුක්තව පුහුණුව අවසන් කළ නාවික පුද්ගලයින්හට ලාංඡන පැළඳවීම නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන්

මැරීන් බලඇණියට අනුයුක්තව පුහුණුව සාර්ථකව අවසන් කළ එම බලඇණියේ හත්වන (07) බඳවා ගැනීමට අයත් නිලධාරීන් සිව් දෙනෙකු (04) සහ නාවිකයින් විසි දෙදෙනෙකු (22) හට ලාංඡන පැළඳවීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න‍ මහත්මියගේ සාභාගීත්වයෙන් 2022 මාර්තු මස 04 වන දින ත්‍රිකුණාමලය, සාම්පුර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ දී සිදු කෙරිණි.

05 Mar 2022