වැදගත් සිදුවීම්
නාවික හමුදාව ඉදිකළ තවත් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක් මහව, බක්මීගහවත්ත ප්‍රදේශයේදී ජනතා අයිතියට
නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස මහව, බක්මීගහවත්ත ගම්මානයේ ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය 2021 ඔක්තෝබර් මස 10 වන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ප්‍රදානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
11 Oct 2021
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ මූල්‍යමය දායකත්වයෙන් ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක් පුත්තලම, කරුවලගස්වැවදී ජනතා අයිතියට
නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස නාවික හමුදා සේවා වනිතා ඒකකයේ මූල්‍ය දායකත්වයෙන්, පුත්තලම, කරුවලගස්වැව, රජවිගම සිරි සම්බුද්ධ ගලපිටගල විහාරස්ථාන පරිශ්‍රයේ ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය අද (2021 ඔක්තෝබර් 09) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ප්‍රදානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
09 Oct 2021
නාවික හමුදා දායකත්වයෙන් සංවර්ධනය කළ කළුතර දිස්ත්‍රික්කයේ කෙලින්කන්ද ජනපදය ප්‍රාථමික විද්‍යාලයේ පහසුකම් සිසු අයිතියට
කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්තේ පිහිටි කෙලින්කන්ද ජනපදය ප්‍රාථමික විද්‍යාලයේ නාවික හමුදා දායකත්වයෙන් සංවර්ධනය කරන ලද සියළු පහසුකම් සිසු අයිතියට පත් කිරීම අද (2021 ඔක්තෝබර් 07) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
07 Oct 2021
ඊශ්‍රායල ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ඊශ්‍රායල ආරක්‍ෂක උපදේශක කර්නල් අසාෆ් මහලර් (Assaf Mahler) අද (2021 ඔක්තෝබර් 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
06 Oct 2021
ප්‍රංශ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ප්‍රංශ ආරක්‍ෂක උපදේශක කපිතාන් ඊව් ලු කෝ (Captain Yves LE CORRE) අද (2021 ඔක්තෝබර් 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
06 Oct 2021
ජර්මානු ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ජර්මානු ආරක්‍ෂක උපදේශක කපිතාන් ජෙරල්ඩ් කෝච් (Gerald Koch) අද (2021 ඔක්තෝබර් 05) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
05 Oct 2021
'JA –LAN EX’ ඒකාබද්ධ නාවික අභ්‍යාසය බටහිර මුහුදේදී සාර්ථකව නිමාවට පත් වේ
ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර පැවැත්වූ “JA –LAN EX’ ඒකාබද්ධ නාවික අභ්‍යාසය අද (2021 ඔක්තෝබර් 04) බටහිර මුහුදේදී සාර්ථකව නිමාවට පත්විය.
04 Oct 2021
නාවික හමුදාවේ දායකත්වයෙන් යාපනය කිළාලි කලපුවේ කඩොලාන පැළ රෝපණය කෙරේ
නාවික හමුදා කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ උතුරු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් යාපනය කිළාලි කලපුවේ කඩොලාන පැළ රෝපණය කිරීම 2021 ඔක්තෝබර් මස 03 වන දින උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
04 Oct 2021
නාවික හමුදා බෝම්බ නිශ්ක්‍රිය සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සාර්ථකව අවසන් වේ
ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් මහව බෝම්බ නිශ්ක්‍රිය පුහුණු පාසලේ පවත්වනු ලැබූ බෝම්බ නිශ්ක්‍රිය සුදුසුකම් ලැබීමේ පාඨමාලාවේ නිළ ලාංඡන පැළඳවීම සහ සහතිකපත් ප්‍රධානය 2021 ඔක්තෝබර් මස 01 වන දින වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
04 Oct 2021
නිළ සංචාරයක් සඳහා ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් නෞකාවන් කොළඹට
ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත්, බහුකාර්ය ඩිස්ට්‍රෝයර් නෞකාවක් වන ‘KAGA’, සහ ඩිස්ට්‍රෝයර් නෞකාවක් වන ‘MURASAME’ යන නෞකාවන් අද (2021 ඔක්තෝබර් 02) නිළ සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
02 Oct 2021


