වැදගත් සිදුවීම්
DOSTI XVII – 2026 නාවික අභ්‍යාසය සඳහා සහභාගීවීමට සුරනිමිල නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකාය විසින් 17 වැනි වරටත් සංවිධානය කරනු ලබන DOSTI XVII – 2026 නාවික අභ්‍යාසය සඳහා සහභාගීවීමට ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමිල නෞකාව අද (2026 ජනවාරි 14) කොළඹ වරායෙන් මාලදිවයිනේ මාලේ අගනුවර බලා පිටත් විය.
16 Jan 2026
ආපදා සහන මෙහෙයුම් මධ්‍යයේ ‘රටම එකට’ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම පිළිබඳව නාවික හමුදාව ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඇගැයීමට
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ඊයේ (ජනවාරි 13) අකුරේගොඩ නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත මෙහෙයුම් මැදිරිය නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. එහිදී ‘රටම එකට’ වැඩසටහනේ ජාතික වැදගත්කම අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, මෑතකදී ඇති වූ ජාතික ආපදා තත්ත්වය හමුවේ සහන සේවා සඳහා නාවික හමුදාව විශිෂ්ට ලෙස දායක වෙමින් වුවද, එම වැඩසටහන අඛණ්ඩව හා කාර්යක්‍ෂමව ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම පිළිබඳව සිය ප්‍රශංසාව පිරිනැමීය.
15 Jan 2026
අඹන්ගඟ ඔස්සේ ජනතාව වෙත ප්‍රවාහන පහසුකම් සැලසීමේ නාවික හමුදා මෙහෙයුම නාවික හමුදාධිපති නිරීක්‍ෂණය කරයි
පැවති අයහපත් කාළගුණය හේතුවෙන් බිඳවැටුණු අඹන්ගඟ පාලම යතාවත් කිරීම සම්පූර්ණ කරන තෙක්, පාසල් ළමුන් ඇතුළු ප්‍රදේශයේ ජනතාව වෙත එම ගඟ ඔස්සේ ප්‍රවාහන පහසුකම් සැලසීම වෙනුවෙන් 2025 දෙසැම්බර් මස 24 වන දින නාවික හමුදාව විසින් විශේෂ බෝට්ටු සේවාවක් ආරම්භ කෙරුණු අතර, එම මෙහෙයුම 2026 ජනවාරි මස 10 දින නාවික හමුදාධිපති විසින් නිරීක්‍ෂණය කර, එම සේවාව වඩාත් කාර්යක්ෂමව සිදුකිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමට කටයුතු කෙරිණි.
12 Jan 2026
සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යායතනයේ ආඥාපති නාවික හමුදාධිපති හමුවෙයි
සපුගස්කන්ද, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යායතනයේ අභිනව ආඥාපති ලෙස පත්වූ, මේජර් ජෙනරාල් විජයනාත් ජයවීර අද (2026 ජනවාරි 09) නාවික හමුදා මූලස්ථානයේදී, නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.
09 Jan 2026
නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ 1146 වෙනි ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානය මාතලේ ලග්ගලදී ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලක්සිරිපුර ගම්මානයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) 2026 ජනවාරි මස 07 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි.
09 Jan 2026
නයාරු කලපුව ඔස්සේ ජනතාව වෙත ප්‍රවාහන පහසුකම් සැලසීම වෙනුවෙන් නාවික හමුදාව ක්‍රියාත්මක කල මෙහෙයුම සාර්ථකව අවසන් වෙයි
පැවති අයහපත් කාලගුණය හේතුවෙන් බිඳවැටුණු නයාරු පාලම යතාවත් කිරීම සම්පූර්ණ කරන තෙක් ප්‍රදේශයේ ජනතාව වෙත, එම කලපුව ඔස්සේ ප්‍රවාහන පහසුකම් සැලසිම වෙනුවෙන් 2025 නොවැම්බර් මස 29 වන දින නාවික හමුදාව විසින් ආරම්භ කල විශේෂ බෝට්ටු සේවාව, 2026 ජනවාරි මස 06 දින සාර්ථකව නිමාවට පත්විය.
07 Jan 2026
75 වන නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් නැගෙනහිර විධාන රෝහල් පරිශ්‍රයේදී ලේ දන්දීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වෙනි සංවත්සරය වෙනුවෙන්, සමාජමය, පාරසරික හා සදාචාරාත්මක මුලපිරීම් ආවරණය වන පරිදි නාවික හමුදාව ආගමික, පාරසරික හා සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් පවත්වන ලද අතර, ඒ යටතේ නාවික හමුදාවේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක්, නැගෙනහිර නාවික විධාන රෝහල් පරිශ්‍රයේදී 2026 ජනවාරි මස 03 දින පැවැත්වීමට නාවික හමුදා විසින් කටයුතු සංවිධානය කෙරිණි.
07 Jan 2026
නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය වැඩ භාර ගනියි
නැගෙනහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු, රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය 2026 ජනවාරි මස 06 වැනි දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
06 Jan 2026
වෙඩි වැදීමෙන් තුවාල ලත් වන අලියකුට ප්‍රතිකාර ලබාදීමට නාවික හමුදා සහය
අම්පාර පානම ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා මහනාග ආයතනයට යාබද කුමන අභය භූමියේ සැරිසරමින් සිටි වෙඩි වැදීමෙන් තුවාල ලත් වන අලියෙකු වෙත අවශ්‍ය ප්‍රථිකාර කිරීම සඳහා වන ජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත නාවික හමුදා සහය ලබා දීම 2026 ජනවාරි මස 04 දින සිදු කෙරිණි.
06 Jan 2026
‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් හානියට පත් ශ්‍රී පාදස්ථානය වෙත ගමන් ගන්නා මාර්ගය පිළිසකර කිරීමට නාවික හමුදා සහය
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් ජන ජීවිතය යතාවත් කිරීම වෙනුවෙන් නාවික හමුදාව දිවයිනම ආවරණය වන පරිදි පාලම්, මාර්ග, නිවාස, පානීය ජල ළිං සහ පොදු ස්ථාන පිරිසිදු කිරීමේ හා පිළිසකර කිරීමේ විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති අතර, ඒ යටතේ; ශ්‍රී පාදස්ථානය වෙත ගමන් ගන්නා මාර්ගයේ මහගිරිදඹේ ප්‍රදේශයේ ආපදාවට පත් පියගැට පෙළ පිළිසකර කිරීම සඳහා ත්‍රිවිද හමුදාවේ දායකත්වයෙන් සිදුකෙරෙණ ප්‍රථීසංස්කරණ ක්‍රියාදාමය සඳහා නාවික හමුදා සහය ලබාදීම 2025 දෙසැම්බර් මස 31 දින සිදුකෙරිණි.
05 Jan 2026


