වැදගත් සිදුවීම්
කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 23 වන දින මාරවිල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමක් අතරතුර කේරළ ගංජා කිලෝ 1 ග්‍රෑම් 55 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
24 Jan 2020
කැස්බෑවෙකු බේරා ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 23 උදැසන කන්කසන්තුරේ වරාය ආසන්නයේ වෙරළ තීරයේ තුවාල ලබා සිටි කැස්බෑවෙකු බේරා ගෙන ඇත.
24 Jan 2020
නාවික හමුදාව විසින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 500 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 ජනවාරි 23 වන දින යාපනය, කඩෙයිකාඩු ප්‍රදේශය ආශ්‍රිතව වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 500 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන ඇත.
24 Jan 2020
කේරල ගංජා සමග ජාවාරම් කරුවන් තිදෙනෙක් (03) නාවික හමුදා සහයෙන් අත් අඩංගුවට.

නාවික හමුදාව සහ නැගෙනහිර පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය එක්ව 2020 ජනවාරි 22 වන දින කින්නියා, මුනච්චනායි ප්‍රදේශයේදී සිදු කල ඒකාබද්ධ මෙහෙයුමකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) සහ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත් අඩංගුවට ගෙන ඇත.
23 Jan 2020
කේරළ ගංජා සමග සැකකරුවෙක් (01) නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 22 කල්පිටිය, මනල්තොට්ටම් ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ කේරළ ගංජා ග්‍රෑම් 460 ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
23 Jan 2020
13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී දස්කම් දැක්වූ නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කෙරේ

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී දස්කම් දැක්වූ නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කීරීමේ උත්සවයක් 2020 ජනවාරි 22 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා ‘පරාක්‍රම’ ආයතනයේ සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
23 Jan 2020
සාර්ථක සංචාරයකින් අනතුරුව ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘අයිරාවත්’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

2020 ජනවාරි 20 වන දින ශ්‍රී ලංකාවට සේන්දු වූ ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘අයිරාවත්’ නෞකාව සිය සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් අද (2020 ජනවාරි 22) කොළඹ වරායෙන් පිටත් විය. එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව වෙත සමුදීම සිදු කරන ලදී.
22 Jan 2020
නාවික හමුදා සහ පොලිස් ඒකාබද්ධ මෙහෙයුමකින් හෙරෝයින් සමඟ පුද්ගලයෙක් (01) අත් අඩංගුවට,

2020 ජනවාරි 21 වන දින නාවික හමුදාව සහ මන්නාරම, දිසා දූෂණමර්දන ඒකකය එක්ව තලෙයිමන්නාරම, එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කල ඒකාබද්ධ මෙහෙයුමකදී හෙරෝයින් සමඟ පුද්ගලයෙක් (01) අත් අඩංගුවට ගෙන ඇත.
22 Jan 2020
කොරල්පර වගා කිරීම හා සංරක්ෂණය පිළිබද වැඩසටහනක් සඳහා සරසවි සිසුන් හට නාවික හමුදා සහය.

රුහුණු සරසවියේ සිසුන් පිරිසක් කොරල්පර වගා කිරීමේ හා සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් දියත් කිරිමේ අරමුණින් මූලික පුහුණු වැඩසටහනක් 2020 ජනවාරි මස 18 වන දින නාවික හමුදාව සමග එක්ව සිදු කරන ලදි.
22 Jan 2020
බස් රථයක් තුළ කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කළ සැකකරුවන් තිදෙනෙක් (03) නාවික හමුදා සහයෙන් අත් අඩංගුවට

නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය එක්ව 2020 ජනවාරි 22 වන දින පුත්තලම, පාලවිය ප්‍රදේශයේ බස් රථයක් තුළ ප්‍රවාහන කළ කේරළ ගංජා කිලෝ 176 ක පමණ ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
22 Jan 2020