වැදගත් සිදුවීම්
ශිල්ප සේනා ප්‍රදර්ශණය සඳහා නාවික හමුදා දායකත්වය

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද “ ශිල්පසේනා ප්‍රදර්ශණය - ශ්‍රී ලංකා තාක්ෂණ විප්ලවය” 2019 වැඩ සටහන 2019 සැප්තැම්බර් මස 25 වන දින සිට 29 වන දින දක්වා පොලොන්නරුව, කදුරුවෙල ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වු අතර, එම ප්‍රදර්ශණය සඳහා නාවික හමුදා ප්‍රදර්ශණ කුටියක් එක් කොට තිබිණි.
01 Oct 2019
තහනම් දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයන් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (ඔක්තෝම්බර් 01) වන දින ත්‍රිකුණාමලය, සිනම්වේලි මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත.
01 Oct 2019
පළමු පොපි මල නාවික හමුදාධිපති වෙත ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදා සංගමය විසින් දියත් කරනු ලබන පොපි මල් සැමරුමේ ආරම්භය සනිටුහන් කරමින් එහි පළමු පොපි මල නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා වෙත අද (2019 ඔක්තෝම්බර් 01) ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති, අද්මිරාල් (විශ්‍රාමික) දයා සඳගිරි විසින් ප්‍රදානය කරන ලදී. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ ලේකම්, රියර් අද්මිරාල් (විශ්‍රාමික) ෂේමාල් ප්‍රනාන්දු ද සහභාගි විය.
01 Oct 2019
දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර සුන්දර වෙරළක් බවට පත් කිරීමේ නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් දෙකක් උතුරු නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් 2019 සැප්තැම්බර් 30 වන දින ක්‍රියාත්මක කරන ලදි.
01 Oct 2019
කේරළ ගංජා ග්‍රෑම් 14 ක් ළග තබාගත් පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ කොක්මාදුව, පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 සැප්තැම්බර් 29 වන දින මාතර, වැලිගම ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 14 ක් ළග තබාගත් පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
30 Sep 2019
නීති විරෝධීව අල්ලන ලද කස මෝරු ක්‍රිලෝග්‍රෑම් 94.2 ක් සමග පුද්ගලයන් පස් දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව 2019 සැප්තැම්බර් 29 වන දින වාලච්චේන ධීවර වරාය පරිශ්‍රයේදී කස මෝරුන් ක්‍රිලෝග්‍රෑම් 94.2 ක් සමග පුද්ගලයන් පස් දෙනෙකු (5) නාවික හමුදා බාරයට ගෙන ඇත.
30 Sep 2019
කේරළ ගංජා ග්‍රෑම් 750 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 සැප්තැම්බර් 29 වන දින කඳාන ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 750 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
30 Sep 2019
දකුණු නාවික විධානයට අයත් පාලම් තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදා දායකත්වය

නවික හමුදාව විසින් අද (සැප්තැම්බර් 29) ගාල්ල, දොඩන්ගොඩ පාලම සහ වක්වැල්ල පාලම යට ප්‍රදේශයන් ජලය බැස යාමට නොහැකි වන සේ අවහිර වී පැවති ශාක කොටස් ඉන් ඉවත් කර ජලය බැසයාම විධිමත් කිරීමට කටයුතු කරන ලදී.
29 Sep 2019
යාපනය, අලියාවලයි ප්‍රදේශයෙන් පතොරම් කිහිපයක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් යාපනය, අලියාවලයි ප්‍රදේශයේ අද (සැප්තැම්බර් 29) සිදු කළ සෝදිසි මෙහෙයුමකදි පතොරම් කිහිපයක් සොයා ගෙන ඇත.
29 Sep 2019
දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර සුන්දර වෙරළක් බවට පත් කිරීමේ නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් උතුරු සහ වයඹ නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් අද (2019 සැප්තැම්බර් 29) ක්‍රියාත්මක කරන ලදි.
29 Sep 2019