වැදගත් සිදුවීම්

සුන්දර වෙරළ තීරය සුරක්‍ෂිත කිරීමට නාවික හමුදා දායකත්වය

වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2019 අගෝස්තු 17 වන දින දකුණු වෙරළ තීරයන් ආශ්‍රිතව පවත්වන ලදී.

18 Aug 2019

උතුරු මැද නාවික විධානය ලේ දන්දීමේ ක‍ඳවුරක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදා උතුරු මැද විධාන නාවික රෝහල සහ මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල එක්ව ලේ දන්දීමේ කඳවුරක් 2019 අගෝස්තු මස 17 වන දින මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ දි පැවැත්විය.

18 Aug 2019

නීති විරෝධී මත්පැන් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව බාරයට

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 16 වන දින පුල්මුඩේ, කෝකිලායි ප්‍රදේශයේදී දේශිය මත්පැන් ලිටර් 152 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.

17 Aug 2019

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසල මහා පෙරහැරේ දියකැපීමේ උත්සවයට නාවික හමුදා දායකත්වය

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සහ සතර මහා දේවාලයන්හි අවසන් ඇසළ මහා පෙරහැරට සමගාමිව පේරාදෙණිය ගැටඹේ දියකපනාතොටේදී 2019 අගෝස්තු 15 වන දින දියකැපීමේ උත්සවය පැවැති අතර, ඒ සඳහා නාවික හමුදාව සිය දායකත්වය සපයන ලදී.

16 Aug 2019

නාවික හමුදාව විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1.05 ක් තලෙයිමන්නාරමෙන් සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (අගෝස්තු 16) අළුයම තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.

16 Aug 2019

නාවික හමුදා ඇළ මාර්ග පිරිසිදු කිරීමේ විශේෂ ව්‍යාපෘතිය මඟින් තවත් පිරිසිදු කිරීමේ වැඩසටහනක්

නාවික හමුදා ඇළ මාර්ග පිරිසිදු කිරීමේ විශේෂ ව්‍යාපෘතිය මඟින් 2019 අගෝස්තු 15 වන දින බෙල්ලන්විල රජමහා විහාරස්ථානය අසලින් ගලා බසින කටු ඇල පිරිසිදු කිරීම සඳහා කටයුතු කරන ලදී.

16 Aug 2019

රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැ‍ගෙන ඒමට නාවික හමුදා සහාය

මුහුදේදී රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට අද (අගෝස්තු 15) නාවික හමුදාව කටයුතු කරන ලදී.

15 Aug 2019

නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් නවදෙනෙකු (09) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 අගෝස්තු 14 වන දින ත්‍රිකුණාමලය, නොර්වේ දූපත ආසන්න මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් නවදෙනෙකු (09) නාවික හමුදා බාරයට ගෙන ඇත.

15 Aug 2019

නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් සීරුවෙන්

මේ දිනවල විටින් විට ඇද හැලෙන වර්ෂාව සමඟ ඉදිරියේදී ඇතිවිය හැකි අවධානම් සහ ස්වාභාවික විපත් සඳහා පෙර සුදානමක් ලෙස හඳුනාගත් ස්ථාන වෙත සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව මේවන විට කටයුතු කර ඇත.

15 Aug 2019

ශ්‍රීලංනානෞ ගජබාහු නෞකාවේ දෙවන මුදවා ගැනීමේ මෙහෙයුම

මුහුදේදී රෝගි වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට අද (අගෝස්තු 15) ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව කටයුතු කරන ලදී.

15 Aug 2019