වැදගත් සිදුවීම්

නැමීබියානු ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

නවදිල්ලියේ පිහිටි නැමීබියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරන බ්‍රිගේඩියර් ටයිටස් සයිමන් අද දින (ජුලි 19) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති,

19 Jul 2019

ගිණිකොණ නාවික විධානයේ නව පිහිණුම් තටාකය සඳහා මුල්ගල තැබේ

ගිණිකොණ නාවික විධානයේ නව පිහිණුම් තටාකය සඳහා මුල්ගල තැබීම ගිණිකෙණ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නොයෙල් කළුබෝවිල ගේ ප්‍රධානත්වයෙන් 2019 ජූලි 18 වන දින එම විධාන පරිශ්‍රයේදී සිදු කෙරිණි.

19 Jul 2019

ගාල්ල, රූමස්සල මුහුදු තීරයේ අනතුරට ලක් වූ නෞකාවේ සිටි පුද්ගලයින් 9 දෙනෙකු නාවික හමුදාව බේරා ගනී

ගාල්ල, රූමස්සල මුහුදු තීරයේදී අනතුරට ලක්ව තිබූ ‘ශ්‍රී ලංකා ග්ලෝරි’ නෞකාවේ සිටි පුද්ගලයින් 09 දෙනෙකු බේරා ගැනීමට 2019 ජූලි 18 වන දින නාවික හමුදාව සමත් වන ලදී.

19 Jul 2019

පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 1355 ක් නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 18 වන දින ත්‍රිකුණාමලය, රාල්කුලි ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් සමඟ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ඇත.

19 Jul 2019

නාවික හමුදාවේ බල නැවි ඉන්දික දිසානායක වසරේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස ඇගයීමට ලක් කෙරේ

‘ජනාධිපති ක්‍රීඩා සම්මාන උත්සවය - 2019’ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී 2019 ජූලි 17 වන දින පැවැති අතර, එහිදී නාවික හමුදාවේ බල නැවි ඉන්දික දිසානායක වසරේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය හිමි කර ගන්නා ලදී.

19 Jul 2019

කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 18 වන දින සිලාවතුර, අරිප්පු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගන්නා ලදී.

19 Jul 2019

රූමස්සල මුහුදු තීර‍යේ අතුරුදහන් වූ තරුණයින්ගේ එක් මෘත දේහයක් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය

ගාල්ල, රූමස්සල මුහුදු තීරයේදී මුහුදු රල පහරට ගසාගෙන ගොස් අතුරුදහන් වූ තරුණයින්ගෙන් එක් පුද්ගලයෙකුගේ (01) මෘත දේහයක් ‍අද (ජූලි 18) ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.

18 Jul 2019

නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් අටදෙනෙකු (08) නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජූලි 18) ත්‍රිකුණාමලය, උප්පාරු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් අටදෙනෙකු (08) නාවික හමුදා බාරයට ගෙන ඇත.

18 Jul 2019

ශ්‍රී ලංකාවේ මාලදිවයින් ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන ලුතිනන් කර්නල් ඉස්මයිල් නසීර් අද (ජූලි 18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමු විය.

18 Jul 2019

නීති විරෝධී ලෙස ලඟ තබා ගත් වියලි මුහුදු කූඩැල්ලන් තොගයක් නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් සහ මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලයට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ජූලි 17 වන දින තලෙයිමන්නාරම, එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදී වියලි මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

18 Jul 2019