නාවික හමුදා සේවා වනිතා ඒකකයේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස මහව, බක්මීගහවත්ත ගම්මානයට ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක්

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ක්‍රියාත්මක කරනු ලබන තවත් එක් සමාජ සත්කාරයක් ලෙස මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 141 බක්මීගහවත්ත ග්‍රාම නිලධාරී වසමේ ඉදිකරන ලද ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානය, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ආරාධනයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සුරතින් 2021 ඔක්තෝබර් මස 10 වන දින එම පරිශ්‍රයේදී ජනතා අයිතියට පත් කෙරිණි.

11 Oct 2021

ශ්‍රීලංනානෞ භරණ ආයතනයේ පවත්වාගෙන යනු ලබන නාවික පෙර පාසල සහ දිවාසුරැකුම් මධ්‍යස්ථානය වෙනුවෙන් නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබේ.

වයඹ නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ භරණ ආයතනයේ පවත්වාගෙන යනු ලබන නාවික පෙර පාසල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට මුල්ගල තැබීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සුරතින් 2021 ඔක්තෝබර් මස 10 වන දින ශ්‍රීලංනානෞ භරණ ආයතනයේදී සිදු කෙරිණි.

11 Oct 2021

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ මූල්‍යමය දායකත්වයෙන් ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය පුත්තලම, කරුවලගස්වැවදී ජනතා අයිතියට

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ක්‍රියාත්මක කරනු ලබන තවත් එක් සමාජ සත්කාරයක් ලෙස නාවික හමුදා සේවා වනිතා ඒකකයේ මූල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන්, උතුරු මැද පළාතේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද පන්විල ගුණරතන නායක හිමිපාණන් වහන්සේගේ ඉල්ලීම අනුව කරුවලගස්වැව අවට ගම්වාසීන්ගේ ප්‍රයෝජනය සඳහා පුත්තලම, කරුවලගස්වැව, රජවිගම සිරි සම්බුද්ධ ගලපිටගල විහාරස්ථාන පරිශ්‍රයේ ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය 2021 ඔක්තෝබර් මස 09 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරිණි.

11 Oct 2021

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ නව වෙබ් අඩවිය සහ ෆේස්බුක් පිටුව එළිදැක්වේ

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ සංකල්පයකට අනුව නිර්මාණය කළ ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ නව වෙබ් අඩවිය සහ ෆේස්බුක් (Facebook) පිටුව එළිදැක්වීම අද (2021 ඔක්තෝබර් 07) සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සුරතින් නාවික හමුදා මූලස්තානයේ සේවා වනිතා කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.

07 Oct 2021

ලෝක ළමා දිනය නිමිත්තෙන් නාවික හමුදා සේවා වනිතා පෙර පාසල් දූ දරුවන් වෙනුවෙන් චිත්‍ර ප්‍රදර්ශනයක්

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ උපදෙස් පරිදි 2021 ඔක්තෝබර් මස 01 වන දිනට යෙදුණු ලෝක ළමා දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා පෙර පාසල්හි ඉගෙනුම ලබන දූ දරුවන්ගේ හැකියාවන් ඉහළ නැංවීමේ අරමුණින්, “ළමා ලෝකය” යන තේමාව යටතේ පෙර පාසල් දරුවන් ඔවුන් කැමැති මාධ්‍යක් උපයෝගී කර ගනිමින් අඳින ලද චිත්‍ර මාර්ග ගත ක්‍රමය ඔස්සේ (online) ප්‍රදර්ශනය කිරීමට කටයුතු සංවිධානය කෙරිණි.

02 Oct 2021

ලෝක වැඩිහිටි දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් ත්‍රිකුණාමලය කරුණා වැඩිහිටි නිවාසය වෙත පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ 2021 ඔක්තොබර් මස 01 වන දිනට යෙදුණු ලෝක වැඩිහිටි දිනය නිමිති කොට ගනිමින් ත්‍රිකුණාමලය ලිංගනගර් ප්‍රදේශයෙහි පිහිටි කරුණා වැඩිහිටි නිවාසයේ සිටින මව්වරුන් වෙත ආහාර පාන හා ද්‍රව්‍යමය පරිත්‍යාගයන් ප්‍රධානය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

02 Oct 2021

ලෝක ළමා දිනය නිමිත්තෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් ත්‍රිකුණාමලය රේවත ළමා නිවාසය වෙත පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ 2021 ඔක්තොබර් මස 01 වන දිනට යෙදුණු ලෝක ළමා දිනය නිමිති කොට ගනිමින් ත්‍රිකුණාමලය හතර කණුව ප්‍රදේශයෙහි පිහිටි රේවත ළමා නිවාසයේ සිටින දූ දරුවන් වෙත දිවා ආහාරය හා ද්‍රව්‍යමය පරිත්‍යාගයන් ලබා දීමේ වැඩසටහනක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කෙරිණි.

02 Oct 2021

ලෝක ළමා දිනය නිමිත්තෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් කැළණිය මාවරමණ්ඩිය ළමා නිවාසය වෙත පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ 2021 ඔක්තෝබර් මස 01 වන දිනට යෙදුණු ලෝක ළමා දිනය නිමිති කොට ගනිමින් සේවා වනිතා ඒකකය මගින් කැලණිය මාවරමණ්ඩිය ප්‍රදේශයෙහි පිහිටි ‘ඉසුරු ළමා නිවාසයේ’ සිටින දූ දරුවන් වෙත දිවා ආහාරය හා අවශ්‍ය ද්‍රව්‍යමය පරිත්‍යාගයන් ලබා දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

02 Oct 2021

ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් තවත් සමාජ සත්කාර්යක්

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ සංකල්පයකට අනුව 2021 ඔක්තෝබර් මස 01වන දිනට යෙදුණු ලෝක වැඩිහිටි දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් රෝද පුටු ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.

02 Oct 2021

වයඹ නාවික විධානයේ අභිනව සේවා වනිතා යෝගට් ව්‍යාපෘති ගොඩනැඟිල්ල විවෘත කෙරේ

නාවික හමුදා සේවයේ නියුතු නාවික පුද්ගලයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය පෙරදැරි කර ගනිමින් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ මග පෙන්වීම මත ශ්‍රිලංනානෞ තම්බපණ්ණි ආයතනයේ අභිනවයෙන් ඉදිකළ සේවා වනිතා යෝගට් ව්‍යාපෘති ගොඩනැගිල්ල 2021 අගෝස්තු මස 08 වන දිනට යෙදුන සුභ මොහොතින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න ගේ සහභාගිත්වයෙන් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සුරතින් විවෘත කරන ලදි.

09 Aug 2021