සියළු පුවත්

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 05ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 209ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 05දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 18 වන දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත....

2020-05-19

ගංවතුර ආපදාවට පෙර සුදානමක් ලෙස ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදාව කටයුතු කරයි

ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ දැව කඳන් සහ අපද්‍රව්‍ය ඉවත් කර ජලය නිසි පරිදි බැස යාමට සැලැස්වීමෙන් එම ප්‍රදේශයට ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර අවධානම් තත්වය මැඩ පැවැත්වීමට 2020 මැයි මස 18 වන දින නාවික හමුදාව කටයුතු කරන ලදී....

2020-05-18

නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් වල තවත් සාමාජිකයින් 18ක් සාර්ථක නිරෝධායන ක්‍රියාවලියකින් පසු නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පිටව යයි.

නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර සිටි තවත් නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් 05 කට අයත් සාමාජිකයින් 18 ක පිරිසක් සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර 2020 මැයි මස 17වන දින එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි....

2020-05-18

නිවසක් තුල සඟවා තිබූ ඇත් දලයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද (2020 මැයි මස 18) කතරගම, ගෝතමීගම ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී නිවසක් තුල සඟවා තිබූ ඇත් දලයක් සමඟ සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට සමත් විය....

2020-05-18

මන්නාරම, නච්චිකුඩා නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ තවත් පුද්ගලයින් 22ක් ඉන් පිටව යයි.

මන්නාරම, නච්චිකුඩා ප්‍රදේශයේ පිහිටී ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 22ක් අද (2020 මැයි 18) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි. ...

2020-05-18

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 15ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 204ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 15දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 17 වන දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත....

2020-05-18

ත්‍රීරෝද රථයක සඟවා තිබූ දේශිය ගංජා තොගයක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 මැයි මස 16 වන දින කුඩා ඔය ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී ත්‍රීරෝද රථයක සඟවා තිබූ දේශිය ගංජා තොගයක් සොයා ගැනීමට සමත් විය....

2020-05-17

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් පුද්ගලයින් 07 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර ඉන් පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 07 දෙනෙකු 2020 මැයි 16 සහ 17 යන දිනයන්හි එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි. ...

2020-05-17

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 189ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 16 වන දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත....

2020-05-17

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 මැයි මස 15 වන දින කින්නියා ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී අයිස් (Crystal Methamphetamine) මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි. ...

2020-05-17

හෙරොයින් සහ කේරළ ගංජා සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 මැයි මස 15 සහ 16 යන දිනයන්හි ඉලුප්පුකඩවායි සහ මුලන්කාවිල් ප්‍රදේශයන්හි සිදුකල සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් සහ කේරළ ගංජා සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු (04) අත් අඩංගුවට ගැනීමට සමත් විය....

2020-05-16

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කල ඒකාබද්ධ ‍මෙහෙයුම් දෙකකදී ගංජා සමඟ පුද්ගලයන් සිව්දෙනෙකු (04) අත් අඩංගුවට ගැනීමට සමත්විය.

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 මැයි මස 15 වන දින බෙලිඅත්ත සහ තණමල්විල යන ප්‍රදේශයන්හි සිදුකල මෙහෙයුම් දෙකකදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් තිදෙනෙකුත් (03) දේශීය ගංජා සමඟ එක් (01) කාන්තාවකුත් අත්අඩංගුවට ගැනීමට සමත් විය. ...

2020-05-16

නාවික හමුදා සාමාජිකයින් හට විවේක ගැනීම සඳහා තායි ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉඩ පහසුකම් ලබා දෙයි.

පූජ්‍යපාද රාස්සගල සීවලී හිමියන් විසින් ‍පවත්වාගෙන යනු ලබන තායි ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉඩපහසුකම් කොරෝනා මැඩලීමේ නාවික හමුදා මෙහෙයුමේ සුභසාධන කටයුතු සඳහා නාවික හමුදාව වෙත ලබා දීමට කටයුතු කරන ලදි....

2020-05-16

සාර්ථක නිරෝධායන ක්‍රියාවලියකින් පසු නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් වල තවත් සාමාජිකයින් 67ක් නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පිටව යයි.

නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර සිටි තවත් නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් 16කට අයත් සමාජිකයින් 67 ක පිරිසක් සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර 2020 මැයි මස 15සහ 16 යන දිනයන්හි එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි....

2020-05-16

ගංවතුර අවධානමට නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ හා මුදවා ගැනීමේ කණ්ඩායම් සීරුවෙන්

මේ දිනවල විටින් විට ඇද හැලෙන වර්ෂාව සමඟ ඉදිරියේදී ඇතිවිය හැකි අවධානම් සහ ස්වාභාවික විපත් සඳහා පෙර සුදානමක් ලෙස හඳුනාගත් ස්ථාන වෙත සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව අද (2020 මැයි 16) කටයුතු කරන ලදි....

2020-05-16