සියළු පුවත්

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 30 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ...

2018-07-16

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 75 දෙනෙකු අධිකාරියට පත් කෙරේ
 

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ 31 (තාක්‍ෂණික) සහ 32 වන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය සහ 57 වන ශිෂ්‍යභට යන බඳවා ගැනීම් වලට අයත් මධ්‍ය නිලධාරීන් 75 දෙනෙකු සිය මූලික පුහුණුව අවසන් කිරීමෙන් පසු ...

2018-07-16

මෙරට නීති විරෝධී ලෙස රැඳි සිටි ඉන්දියානු ජාතිකයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට
 

ආගමන හා විගමන නීති උල්ලංඝනය කරමින් මෙරට රැඳි සිටි ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු (03) ඊයේ (ජුලි 15) නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, මෙම පුද්ගලයින් තලෙයිමන්නාරම, වෙරළ තීරයේ මුර සංචාරයේ යෙදී සිටි උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් ...

2018-07-16

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයකදී පසුගිය ජුලි 14 වන දින නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත. ...

2018-07-16

මන්නාරම පියර්ගම මධ්‍ය මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ ගොඩනැගිල්ල සිසු අයිතියට
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු මැද නාවික විධානය භාර ආඥාපතිතුමාගේ මඟපෙන්විම යටතේ මන්නාරම, පියර්ගම මධ්‍ය මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදි කරන ලද පාසල් ...

2018-07-16

අනතුරට පත් ධීවරයින් බේරාගත් නාවික හමුදා මෙහෙයුම
 

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මගින් සිදු කළ දැනුම් දීමකට අනුව නාවික හමුදාව විසින් බහුදින ධීවර යාත්‍රාවක අතරමංව සිටි ධීවරයින් 06 දෙනෙකු බේරා ගැනීමට සමත් වි ඇත....

2018-07-12

නාවික හමුදා ජලශාස්ත්‍රීය සේවාවෙන් ලක්‍ෂ 16 කට අධික ආදායමක් උපයයි
 

ශ්‍රී ලංකා නාවික හමුදා ජලශාස්ත්‍රීය ඒකකය සිය සේවාවවන් සැපයීමෙන් උපයන ලද රුපියල් මිලියන 1.69 ක (රු. 1,690,000.00) අදායම නාවික හමුදාව වෙත ප්‍රදානය කිරීම නාවික හමුදා මුලස්ථානයේදී අද (ජුලි 12) දින සිදු කෙරුණු අතර, ඊට අදාල ප්‍රේශණපත ශ්‍රී ලංකා නා...

2018-07-12

අන්තර්ජාතික ‘මුහුදු ඉරිදා දින’ දේව මෙහෙය සැමරිමට නාවික හමුදාව එක්වෙයි
 

කොළඹ නාවිකයින්ගේ මීසම විසින් අන්තර්ජාතික ‘මුහුදු ඉරිදා දින’ දේව මෙහෙය සැමරිමට කටයුතු කළ අතර, ඒ අනුව පසුගිය ජුලි මස 08 වන ඉරු දින දේව මෙහෙය කොළඹ කොටුව, ශාන්ත පීතර දේවස්ථානයේදී උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී. ...

2018-07-12

අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කෙරේ
 

නාවික පර්යේෂණ ඒකකය විසින් සංවිධානය කරන ලද, 2017 වර්ෂය සඳහා වූ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයන් වෙත මුදල් ත්‍යාග සහ සහතිකපත් බෙදාදීම අද (ජුලි 11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් ...

2018-07-11

කතරගම දක්වා පාද යාත්‍රාවේ යෙදෙන බැතිමතුන්ට නාවික හමුදාවෙන් සත්කාර
 

කතරගම දේවාලය වන්දනා කිරීම සඳහා උතුරු සහ නැගෙනහිර පළාත්වල සිට පා ගමනින් පැමිණෙන බැතිමතුන් හට සංග්‍රහ කටයුතු සහ අවශ්‍ය පහසුකම් සැලසීමට නාවික හමුදාව පියවර ගෙන ඇත. ...

2018-07-11

ශ්‍රී ලංකා නාවික නෞකා මහසෙන් ආයත‍නයේ නව ප්‍රධාන පිවිසුම් දොරටුව විවෘත කෙරේ
 

වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා මහසෙන් ආයතනයේ අභිනවයෙන් ඉදි කරන ලද නව ප්‍රධාන පිවිසුම් දොරටුව ඊයේ (ජුලි 09) බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ සුරතින් විවෘත කෙරිණි....

2018-07-10

මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් උතුරු නාවික විධානයේ වීදි නාට්‍ය වැඩසටහනක්
 

ජුනි 26 වන දිනට යෙදී තිබූ මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා නීති විරෝධී ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව ශ්‍රී ලංකාව තුළ ජුනි 26 වන දින සිට ජුලි 02 වන දින දක්වා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කොට තිබුණි....

2018-07-10

සාර්ථක සංචාරයකින් අනතුරුව ඉන්දියානු ‘ත්‍රීකාන්ඩ්’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
 

සුහද සංචාරයක් සඳහා පසුගිය ජුලි 7 වන දින කොළඹ වරායට සේන්දු වූ ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ත්‍රීකාන්ඩ්’ නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව අද (ජුලි 9) දිවයිනෙන් පිටත් විය....

2018-07-09

සාර්ථක සංචාරයකින් අනතුරුව මාලදිවයින් ‘හුරාවී’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
 

සුහද සංචාරයක් සඳහා පසුගිය ජුලි 7 වන දින කොළඹ වරායට සේන්දු වූ මාලදිවයින් වෙරළාරක්‍ෂක බළකායට අයත් ‘හුරාවී’ නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව අද (ජුලි 9) දිවයිනෙන් පිටත් විය. ...

2018-07-09

ශ්‍රී ලංකා නාවික නෞකා රත්නදීප නෞකාවේ සිව්වන (4) සංවත්සරය අභීමානවත් ‍ ලෙස සමරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වෙරළාරක්‍ෂක මුර නෞකාවක් වන ශ්‍රීලංනානෞ රත්නදීප නෞකාව අද (ජුලි 9) දින එහි අභිමානවත් සිව්වන (4) සංවත්සරය සමරන ලදී....

2018-07-09