වැදගත් සිදුවීම්
විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ පැවති 01/2023 ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වේ
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද යුද හමුදාව එක්ව ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පවත්වන ලද ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව 01/2023 (Joint Combined Exchange Training (JCET) Balance Style 01/2023) සාර්ථකව නිමාවට පත් වූ අතර, එහි සහතිකපත් ප්‍රදානය නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු මහේෂ් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් 2023 මාර්තු මස 24 වන දින සිදු කෙරිණි.
26 Mar 2023
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ නව සභාපතිනි වශයෙන් වෛද්‍ය කොමදෝරු නන්දනී විජේදෝරු පත්වෙයි
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ නව සභාපතිනි වශයෙන් පත්වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෛද්‍ය කොමදෝරු නන්දනී විජේදෝරු පදවි ප්‍රාප්ති උළෙල 2023 මාර්තු මස 24 වන දින, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
25 Mar 2023
යන්ත්‍රානුසාරයෙන් වෙරළ තීරය පවිත්‍ර කිරීම සඳහා නාවික හමුදාව වෙත BEACH TECH SWEEPY (BTS) යන්ත්‍රයක් ලබාදෙයි
යන්ත්‍රානුසාරයෙන් වෙරළ තීරය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් පසුගිය 2023 මාර්තු මස 12 වන දින මට්ටක්කුලිය, කාක දූපත් වෙරළ තීරයේදී ආරම්භ කෙරුණු අතර, ඒ සඳහා යොදාගනු ලබන BEACH TECH SWEEPY (BTS) යන්ත්‍රයක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාදීම, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහභාගීත්වයෙන් අද දින (2023 මාර්තු 25) ගාලු මුවදොර වෙරළ තීරයේදී සිදුකෙරිණි.
25 Mar 2023
නාවික හමුදාව විසින් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ දැනුවත් කිරීමේ අභ්‍යාසයක් ත්‍රිකුණාමලයේදී පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ දැනුවත් කිරීමේ පුහුණු අභ්‍යාසයක් අද දින (2023 මාර්තු 24) ත්‍රිකුණාමලය, අෂ්රොෆ් ජැටියේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
24 Mar 2023
රණවිරු සේවා අධිකාරිය මඟින් රණවිරු දරුවන් උදෙසා ශිෂ්‍යත්ව පිරිනමයි
ක්‍රියාන්විත නොවන හේතූන් මත මියගිය ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන්ගේ දරු දැරියන් දහසය දෙනෙකු (16) වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද දින (2023 මාර්තු 24) රණවිරු සේවා අධිකාරියේ මූලස්ථාන කාර්යාලයේ දී පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී, මාලා ලමාහේවා මැතිණිය සහභාගී විය.
24 Mar 2023
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් මහින්ද මහවත්ත නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
වසර 33 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් මහින්ද මහවත්ත අද දින (2023 මාර්තු 24) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.
24 Mar 2023
ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මඟින් කැස්බෑ පැටවුන් 146 ක් සාගරයට මුදා හරියි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මඟින් සංරක්‍ෂණය කරන ලද කැස්බෑ පැටවුන් එකසිය හතලිස් හය දෙනෙකු (146) සාගරයට මුදා හැරීම 2023 මාර්තු මස 21 වන දින ගිණිකොන නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් කාංචන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් පානම වෙරළ තීරයේදී සිදු කෙරිණි.
22 Mar 2023
ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ විසින් රචිත ‘Story of the World: Geopolitical Alliances and Rivalries Set in Stone’ ග්‍රන්ථයේ පිටපතක් නාවික හමුදාධිපති වෙත පිළිගන්වයි
ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් නලීන් හේරත් විසින් රචිත ‘Story of the World: Geopolitical Alliances and Rivalries Set in Stone’ ග්‍රන්ථයේ පිටපතක් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පිළිගැන්වීම, අද දින (2023 මාර්තු 21) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
21 Mar 2023
ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල දන්ත ශල්‍යාගාරය ලෝක මුඛ සෞඛ්‍යය දිනයට සමගාමීව විවෘත කෙරේ
නැගෙනහිර නාවික විධානයේ ත්‍රීකුණාමලය දකුණ, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල දන්ත ශල්‍යාගාරය, මාර්තු මස 20 වන දිනට යෙදී තිබෙන ලෝක මුඛ සෞඛ්‍යය දිනයට සමගාමීව විවෘත කිරීම, නැගෙනහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ ප්‍රධානත්වයෙන් අද දින (2023 මාර්තු 20) ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතන පරිශ්‍රයේදී සිදු කෙරිණි.
20 Mar 2023
රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල ලෙස වැඩ භාර ගනියි
රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල වශයෙන් අද දින (2023 මාර්තු 20) නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.
20 Mar 2023