ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාව ආරක්‍ෂක සේවා අත් පන්දු පිරිමි ශූරතාවය දිනා ගනියි

දොළොස්වන (12) ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල - 2022/23 හි, ආරක්‍ෂක සේවා අත් පන්දු තරඟාවලිය 2022 නොවැම්බර් මස 09,10 සහ 11 යන දිනයන්හීදි මිනුවන්ගොඩ ‘Airport Sports Complex’ හිදී පැවැත්වුනු අතර, එහීදී නාවික හමුදා පිරිමි අත් පන්දු කණ්ඩායම ආරක්‍ෂක සේවා අත් පන්දු ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

12 Nov 2022

“37th Senior National Senior Rowing championship -2022’’ ඔරු පැදීමේ තරඟාවලියේදී නාවික හමුදා ක්‍රීඩකයන් ජයග්‍රහණ හිමි කරගනියි

ශ්‍රි ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමය විසින් සංවිධානය කරන ලද ‘37th National Senior Rowing championship -2022’ ඔරු පැදීමේ තරඟාවලිය 2022 නොවැම්බර් මස 04 සහ 05 යන දෙදින තුළ බත්තරමුල්ල, දියවන්නා වැවෙහි ඔරු පැදීමේ මධ්‍යස්ථානය අසලදී පැවැත්වුනු අතර, එහිදී නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් හා රිදී පදක්කම් හිමි කර ගැනීමට සමත් විය.

06 Nov 2022

පාකිස්තානයේ පැවති ලෝක ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ ටයිකොන්ඩෝ තරගාවලියකදී නාවික හමුදාවේ නිසංසලා සඳමාලි ක්‍රීඩිකාව ලෝකඩ පදක්කමක් දිනාගනියි

පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පැවැත්වුණු ලෝක ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් වන Combaxx 4th Asian Taekwondo Open Championship (WT-G2) ටයිකොන්ඩෝ තරඟාවලියේදී කිලෝග්රෑම් 67 බර පන්තිය නියෝජනය කරමින් තරඟ වැදුණු ශ්‍රී ලංකා නාවික හමුදාවේ බල කාන්තා නැවි නිසංසලා සඳමාලි ක්‍රීඩිකාව 2022 නොවැම්බර් මස 03 වන දින නේපාලය සමඟ පැවති තරඟයෙන් ලෝකඩ පදක්කමක් දිනාගනිමින් නාවික හමුදාවට සහ මව්බිමට කීර්තියක් ගෙන දීම‍ට සමත් විය.

05 Nov 2022

“RCYC Commodores Race – 2022 රුවල් යාත්‍රා තරඟාවලියේදී නාවික හමුදා ක්‍රීඩකයන් ජයග්‍රහනණ හිමි කරගනියි

කොළඹ රාජකීය රුවල් යාත්‍රා සමාජය මගින් සංවිධානය කරන ලද “RCYC Commodores Race - 2022” රුවල් ඔරු තරඟාවලිය 2022 ඔක්තෝබර් මස 29 වන දින බොල්ගොඩ වැවෙහිදී පැවැත්වුනු අතර, එහීදී, ලේසර් අංශය යටතේ තරඟ වැදුනු නාවික හමුදා ක්‍රීඩකයන් දෙවන හා තෙවන ස්ථාන හිමිකර ගැනීමට සමත් විය.

01 Nov 2022

12 වන ආරක්‍ෂක සේවා කඹ ඇදීමේ තරඟාවලියේ පිරිමි සහ කාන්තා අනුශූරතාවයන් නාවික හමුදාව දිනාගනියි

12 වන ආරක්‍ෂක සේවා කඹ ඇදීමේ තරඟාවලිය කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා පිටියේදී 2022 ඔක්තෝබර් මස 26 සහ 28 යන දිනයන්හීදී පැවති අතර, එහිදී යුද හමුදා කණ්ඩායම් සමඟ පැවති අවසන් තරඟයන්හීදී ශ්‍රී ලංකා නාවික හමුදා පිරිමි සහ කාන්තා කඹ ඇඳීමේ කණ්ඩායම් අනුශූරතාවයන් දිනා ගැනීමට සමත් විය.

29 Oct 2022

දොළොස්වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල ආරම්භ වෙයි

දොළොස්වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් 2022 ඔක්තෝබර් මස 19 වන දින පනාගොඩ යුද හමුදා කඳවුරේ නව ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී අති උත්කර්ශවත් අයුරින් ආරම්භ කෙ‍රුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

20 Oct 2022

08 වන කැරම් ලෝක ශුරතාවලියේදී නාවික හමුදා තරඟකරුවන් රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගනියි

ජාත්‍යන්තර කැරම් සම්මේලනය විසින් සංවිධානය කරන ලද 08 වන කැරම් ලෝක ශුරතාවලිය-2022 (08th Carrom World Championship -2022) මැලේසියාවේ ලංග්කාවි හිදී 2022 ඔක්තෝබර් මස 03 සිට 07 දක්වා පැවැත්වුණු අතර, එම ශුරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නාවික හමුදාවේ බලනැවි නිශාන්ත ප්‍රනාන්දු සහ බල කාන්තා නැවි ජෝශප් රෝෂිටා විශිෂ්ඨ දක්ෂතා පෙන්නුම් කරමින් රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් විය.

11 Oct 2022

2022 අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරඟාවලියේ ‘පලඟ’ ශූරතාවය නාවික හමුදාව දිනාගනියි

අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරඟාවලිය - 2022, කොළඹ තුරඟ තරඟ පිටියේදී 2022 ඔක්තෝබර් මස 08 සහ 09 යන දිනයන්හීදී පැවැත්වුනු අතර, එහිදී යුද්ධ හමුදා රග්බි කණ්ඩායම ලකුණු 26 - 10 ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි කණ්ඩායම අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරඟාවලියේ ‘පළඟ’ ශූරතාවය දිනාගැනීමට සමත් විය.

11 Oct 2022

‘Intermediate Boxing Championship – 2022’ හි ජයග්‍රහණ රැසක් නාවික හමුදාව දිනා ගනියි

ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද ‘Intermediate Boxing Championship – 2022’, කොළඹ රාජකීය විද්‍යාලීය ගෘහස්ථ බොක්සිං ක්‍රීඩා වළල්ලේදී 2022 ඔක්තෝබර් මස 05 සිට 08 දක්වා පැවැත්වුනු අතර, එහිදි රන් පදක්කම් 02 ක්, රීදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 03ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා බොක්සිං කණ්ඩායම සමත් විය.

11 Oct 2022

අන්තර් විධාන රුවල් යාත්‍රා තරඟාවලිය - 2022 ත්‍රීකුණාමලයේදී සාර්ථකව අවසන් වේ

නාවික හමුදා අන්තර් විධාන රුවල් යාත්‍රා තරඟාවලිය -2022, ත්‍රීකුණාමලය ඇතුල් වරාය මුහුදු තීරයේදී 2022 ඔක්තෝබර් 04 සිට 07 දක්වා සාර්ථකව පැවැත්වුනු අතර, එහි පිරිමි අංශයේ ශූරතාවය දියත් විධානයත්, කාන්තා අංශයේ ශූරතාවය පුහුණු විධානයත් දිනා ගන්නා ලදී.

09 Oct 2022