වැදගත් සිදුවීම්

ශ්‍රීලංනානෞ සාගර සහ සුරනිමිල නෞකාවන්ගේ ඉන්දියානු සංචාරය
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ශ්‍රී ලංකා නාවික නෞකා සාගර සහ ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමිල යන නෞකාවන් ඊයේ (ඔක්තෝබර් 06) පුහුණු අභ්‍යාසයන් ඇතුලත් සුහද සංචාරයක් සඳහා කොළඹ වරායෙන් ඉන්දියාව බලා පිටත් විය.

07 Oct 2018

2017 වසරේ හොඳම නෞකාව ලෙස ශ්‍රීලංනානෞ සාගර නෞකාව නම් කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකා අතරින් සෑම වසරකම හොඳම නෞකාව තෝරා ගැනීමට කටයුතු කරන අතර, එහිදී, නෞකා‍වන් අතර පවත්වනු ලබන ක්‍රීඩා තරග, නාවික දැනුම, කඹ හැසිර වීම, නෞකා අතර පැවති යුධ අභ්‍යාසයන් සහ වැඩිම මුහුදු සංචාරයන් සිදු කල නෞකාව යන කරුණු පදනම් කර ගනිමින් හොඳම නෞකාව ‍නම් කිරීමට කටයුතු කරනු ලබයි.

07 Oct 2018

ජාතික වුෂු තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට
 

16 වන ජාතික වුෂු තරඟාවලිය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයෙදී පසුගිය ඔක්තෝබර් 02 වන දින සිට 04 වන දින දක්වා පැවැති අතර, ඒ සඳහා දිවයිනේ සියළු ප්‍රදේශ ආවරණය වන පරිදි වුෂු ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී විය.

07 Oct 2018

15 වන බඳවා ගැනීමට අයත් ශිල්පීය අංශයේ නාවිකයන් 45 දෙනෙකු විසිර යති
 

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 15 වන බඳවා ගැනීමට අයත් ශිල්පීය අංශයේ නාවිකයන් 45 දෙනෙකු සිය මුලික පුහුණුව සාර්ථකව හදාරා ඊයේ (ඔක්තෝබර් 04) විසිර යන ලදී.

05 Oct 2018

පකිස්ථානු ආරක්ෂක ලේකම් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක
 

සිව් දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පකිස්ථානු ආරක්‍ෂක ලේකම්, ලුතිනන් ජෙනරාල් (විශ්‍රාමික) ඉක්රම් උල් හක් (Lieutenant General (retd) Ikram UI Haq) මහතා ඇතුළු දූත පිරිස ඊයේ (ඔක්තෝබර් 04) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

05 Oct 2018

චීන නාවික හමුදාවට අයත් ‘හයි යන්ග්ඩාඕ’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
 

චීන නාවික හමුදාවට අයත් ‘හයි යන්ග්ඩාඕ’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (ඔක්තෝබර් 04) කොළඹ වරායට සේන්දු විය.

04 Oct 2018

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් නෞකාවන් කොළඹ වරායෙන් පිටත්ව යයි
 

පසුගිය සැප්තැම්බර් 30 දින කොළඹ වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට (JMSDF) අයත් ‘කාගා’ සහ “ඉනසුමා” නෞකාවන් අද (ඔක්තෝබර් 04) දින සිය සුහද සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.

04 Oct 2018

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති, අතිගරු හාන්ස්පීටර් මොක් (Mr. Hanspeter Mock) මහතා අද (ඔක්තෝබර් 03) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

03 Oct 2018

ජ්‍යේෂ්ඨ නාවිකයින් 115 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 115 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (ඔක්තෝබර් 03) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණි.

03 Oct 2018

ජාතික ප්‍රවීනයන්ගේ අන්තර් සමාජ මේස පන්දු ශූරතාවය නාවික හමුදාව හිමි කර ගනී
 

ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ මේස පන්දු සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික ප්‍රවීනයන්ගේ අන්තර් සමාජ මේස පන්දු ශූරතාවය - 2018 පසුගිය සැප්තැම්බර් 22 වන දින ශාන්ත තෝමස් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී.

03 Oct 2018