වැදගත් සිදුවීම්

‘ශ්‍රී නාගපූසානි අම්මාන්’ කොවිලේ වාර්ෂික පුජා උත්සවය පැවැත්වීමට නාවික හමුදාව සහය වේ

නයිනතිව් දූපතේ පිහිටි ‘ශ්‍රී නාගපූසානි අම්මාන්’ කෝවිලේ වාර්ෂිකව පවත්වනු ලබන පූජා උත්සවය 2019 ජූලි මස 02 වන දින සිට ආරම්භ වූ අතර, මෙම පූජා උත්සවය සාර්ථක කර ගැනීම සඳහා උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් ආරක්‍ෂක හා සනිපාරක්‍ෂක සේවාවන් සපයමින් සහය ලබාදේ.

07 Jul 2019

පතරොම් ලඟ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා අත්අඩංගුවට

නාවික පුද්ගලයින් පිරිසක් සහ මන්නාරම, කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් එක්ව 2019 ජූලි 06 වන දින මන්නාරම, උප්පුකුලම් ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී පතරොම් තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවටගෙන ඇත.

07 Jul 2019

ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව (JCET) ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත් වේ

ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව 2019/1 නිමාවත් සමග පවත්වන ලද සහතික පත්‍ර බෙදා දීමේ උත්සවය 2019 ජූලි 05 වන දින ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේ පිහිටි විශේෂ යාත්‍රා බඝණ මූලස්ථාන ශ්‍රවනාගාරයේ දී පවත්වන ලදි.

06 Jul 2019

දකුණු නාවික විධානයට අයත් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක්

දකුණු නාවික විධානයට අයත් වෙරළ තීරයන් ආවරණය වන පරිදි පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (ජූලි 06) එම දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.

06 Jul 2019

‘TRINCO BLU රුවල් යාත්‍රා තරඟාවලිය - 2019’ ජයග්‍රහණ රැසක් නාවික හමුදාව සතු කර ගනී

RCYC රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරනු ලබන ‘TRINCO BLU රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය ජුනි මස 28 සහ 29 යන දෙදීන තුල ත්‍රිකුණාමලය, ට්‍රින්කෝ බ්ලූ (TRINCO BLU ) හෝටලය ඉදිරිපිට මුහුදු තීරයේ දී ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි.

06 Jul 2019

මුහුදේ දී ආපදාවට පත් මගීන් පිරිසක් නාවික හමුදාව විසින් බේරාගනී

යාපනය අර්ධද්වීපයේ පිහිටි කරප්පන් සිට අනලතිව් දූපත බලා මගීන් ප්‍රවාහනය කරමින් සිටි මගී ප්‍රවාහන යාත්‍රාවක් ආපදාවට පත් වීම හේතුවෙන් එහි සිටි පුද්ගලයින් දස දෙනෙකු (10) බේරාගෙන ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ (ජූලි 05) රාත්‍රියේදී කටයුතු කර ඇත.

06 Jul 2019

නාවික හමුදාව විසින් නව කොරල් පරයක් කන්කසන්තුරේ මුහුදු ප්‍රදේශයෙන් සොයාගනී

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික කිමිදුම් කණ්ඩායමක් විසින් පසුගිය සතිය පුරා කන්කසන්තුරේ මුහුදු ප්‍රදේශයේ සිදුකල කිමිදුම් මෙහෙයුමකින් මෙතෙක් සොයාගෙන නොතිබූ ඉතා දැකුම්කළු කොරල්පරයක් සොයාගැනීමට සමත්වී ඇත.

05 Jul 2019

ධීවර අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් 16 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුලි 04 වන දින ත්‍රිකුණාමලය, නයාරු මුහුදු ප්‍රදේශයේදී ධීවර අවසරපත් නොමැතිව නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

05 Jul 2019

කොරල්පර නැවත වගා කිරීමේ ව්‍යාපෘතියක් උතුරු නාවික විධානය ආරම්භ කෙරේ

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා‍ ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරගෙන යනු ලබන කොරල් පර නැවත වගා කිරීමේ තවත් ව්‍යාපෘතියක් උතුරු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් 2019 ජුලි 04 වන දින කන්කසන්තුරෙයි වෙරළ තීරයේදී ආරම්භ කරන ලදී.

05 Jul 2019

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් නැගෙනහිර නාවික විධානයේ වැඩසටහන් රැසක්

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ජුනි 23 වන දින සිට ජුලි 01 වන දින දක්වා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කොට තිබූ අතර, ඒ සඳහා නැගෙනහිර නාවික විධානය මඟින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබුණි.

04 Jul 2019