පාස්කු ඉරු දින සිදු වූ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජිවිතක්‍ෂයට පත් වූවන් සිහි කරමින් දානමය පිංකමක්

පාස්කු ඉරුදින සිදුවු මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජිවිතක්‍ෂයට පත් වූවන් සිහි කරමින් තෙමස් පුර්ණ දානමය පුණ්‍යකර්මයක් 2019 ජූලි 21 වන දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
22 Jul 2019
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභපතිනි ආරක්ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය හමුවෙයි

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි, අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණිය නව පත්විම ලද ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි, සෝනීයා කෝට්ටේගොඩ මැතිණිය ආරක්‍ෂක අමාත්‍යංශ සේවා වනිතා කාර්යාලයේ දී 2019 ජුනි 28 වන දින හමුවිය.
01 Jul 2019
සේවා වනිතා ඒකකය විසින් විශේෂඥ වෛද්‍ය සායනයක් පවත්වයි

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, අරුන්දති උදිතමාල ජයනෙත්ති මැතිණියගේ සංකල්පයකට අනුව 2019 ජුනි 13 වන දින වැලිසර පිහිටි නාවික මහ රෝහල් (කොළඹ) සංකීර්ණයේදී වෛද්‍ය සායනයක් පැවැත්විණි.
14 Jun 2019
සේවා වනිතා ඒකකය මඟින් සටනේදී මියගිය රණවිරුවෙකුගේ පවුලේ අය වෙනුවෙන් නිවසක් සාදාදීමට මුල්ගල තබයි.

නාවික හමුදාධීපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සංකල්පයකට අනුව සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ මගපෙන්විම යටතේ ශ්‍රිලංනානෞ දක්‍ෂීණ ආයතනයට අනුයුක්තව සක්‍රිය සේවයේ යෙදි සිටියදි 2005 මැයි මස 24 වන දින මියගිය බනැවි බීකේඩබ්කේ කුඩාහෙට්ටි, එක්ස්ඩී 30136 දරණ නාවිකයාගේ බිරිද විසින් කරන ලද ඉල්ලීමකට අනුව ඇයගේ හා දියණියගේ ඉදිරි අනාගත දිවියට ශක්තියක් වෙමින් සේවා වනිතා ඒකකයේ මුල්‍ය දායකත්වයෙන් නව නිවසක් ඉදිකර දීමට විධායක කමිටුවේ අනුමැතිය මත තීරණය කරන ලදි.
31 May 2019
වෙසක් උත්සවය නිමිත්තෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සංවිධානයෙන් සුමදුර ධර්ම දේශනාවක් පවත්වයි

මෙවර වෙසක් උත්සවය නිමිති කර ගනිමින් නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සංවිධානය කළ සුමදුර ධර්ම දේශනාවක් සහ දානමය පුණ්‍යකර්මයක් 2019 මැයි 18 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
22 May 2019
සේවා වනිතා හිටපු උප සභාපතිනිය වෙනුවෙන් සමුදීමේ වැඩසටහනක්

සේවා වනිතා ඒකකයේ අභිවෘද්ධිය, සාර්ථකත්වය හා සංවර්ධනය උදෙසා සිය වෘත්තිය දිවියද කැප කරමින් රාජකාරි කටයුතු වල නිරත වූ සේවා වනිතා ඒකකයේ හිටපු උප සභාපතිතුමිය වන චම්පි රණසිංහ මැතිණිය හට සමුදීමේ වැඩසටහනක් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, අරුන්දති උදිතමාල ජයනෙත්ති මැතිණියගේ ප්‍රධානත්වයෙන් පසුගිය මැයි 11 වන දින උස්වැටකෙයියාව මාලිමා උත්සව ශාලා පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.
13 May 2019
සේවා වනිතා අලුත් අවුරුදු පොළ 2019 උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි ජේකේ අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණියගේ උපදෙස් සහ මඟපෙන්වීම මත සංවිධානය කරන ලද අලුත් අවුරුදු පොළ පසුගිය අප්‍රේල් 10 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතන පරිශ්‍රයේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
12 Apr 2019
සේවා වනිතා ඒකකයෙන් තවත් ප්‍රජාසත්කාරක වැඩසටහනක්

සේවා වනිතාවන්ගේ තවත් එක් ප්‍රජාසත්කාරයක් ලෙස අද (මාර්තු 28) නාවික හමුදා මුලස්ථානයේ පිහිටි සේවා වනිතා කාර්යාලයේදී නාවික හමුදා සේවයේ නියුතු නාවිකයෙකුගේ විශේෂ අවශ්‍යතා සහිත දරුවකු හට රෝද පුටුවක් පිරිනැමීමට කටයුතු කරන ලදී.
28 Mar 2019
ශ්‍රිලංනානෞ ගැමුණු නාවික පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි

සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ පුර්ණ මගපෙන්විම යටතේ බටහිර නාවික විධානය භාර ආඥාපතිතුමාගේ හා එම මැතිණියගේ පුර්ණ අධික්‍ෂණය යටතේ සංවිධානය කරන ලද ශ්‍රිලංනානෞ ගැමුණු නාවික පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය පසුගිය මාර්තු මස 15 වන දින ශ්‍රිලංනානෞ ගැමුණු ආයතනයේ ක්‍රිකට් ක්‍රිඩා පිටියේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විමට කටයුතු කරන ලදි.
22 Mar 2019
සේවා වනිතාවෝ ලෝක කාන්තා දිනය සමරයි

පසුගිය මාර්තු මස 08 වන දිනට යෙදි තිබූ ලෝක කාන්තා දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකය වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබූ අතර, ඒ අනුව, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, ජේකේ අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණියගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ චාල්ස් තෝමස් සහෝදරතුමන් මෙහෙයවනු ලබන ‘කඳුළ’ විශේෂ වැඩසටහන පැවැත්වීමට කටයුතු කරන ලදී.
14 Mar 2019