සියළු පුවත්

එක්සත් රාජධානියේ දියත් විධාන කිමිදුම් බලඝණයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් අල් නෙක්ක්‍රවුස් (Al Nekrews) සහ නාවික හමුදාධිපතිතුමන් අතර හමුවක් නාවික හමුදා මූලස්ථානයේදී.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන එක්සත් රාජධානියේ දියත් විධාන කිමිදුම් බලඝණයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් අල් නෙක්ක්‍රවුස් (Al Nekrews) නාවික හමුදා මූලස්ථානයේදී අද (2020 පෙබරවාරි 06) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය....

2020-02-06

සැක සහිත ඩිංගි යාත්‍රාවක් සහ කිමිදුම් උපකරණ කිහිපයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 06) ගාල්ල ගින්තොට ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී අතහැර දැමූ නිවසක් අසල සගවා තිබූ සැක සහිත ඩිංගි යාත්‍රාවක් සහ කිමිදුම් උපකරණ කිහිපයක් සොයා ගැනීමට හැකිවිය. ...

2020-02-06

ටොන් එකකට අධික කේරළ ගංජා ප්‍රමාණයක් දින 37ක් තුල නාවික හමුදා භාරයට

මෙම වර්ෂයේ ජනවාරි මස 01 වන දින සිට 2020 පෙබරවාරි 06 වන දින දක්වා කාල වකවානුවේදී පමණක් දිවයින වටා සිදුකරන ලද මෙහෙයුම් මගින් කේරළ ගංජා ටොන් එකකට අධික ප්‍රමාණයක් සිය භාරයට ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත....

2020-02-06

කේරළ ගංජා කි‍ලෝග්‍රෑම් 110 කට ආසන්න ප්‍රමාණයක් සමග සැක කරුවකු නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ සුරාබදු ඒකකය එක්ව අද (2020 පෙබරවාරි 06) දින යාපනය, තොන්ඩමන්ආරු වෙරළ තීරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 110 කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවකු නාවික හමුදා භාරයට ගෙන ඇත....

2020-02-06

තූල් හෙවත් දුම් කුඩු නැමති නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරනු ලබන ස්ථානයක් වැටලීමට නාවික හමුදා සහාය.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මීගමුව පොලීසියෙන් සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ නිවසක් තුල සඟවා තිබූ තූල් හෙවත් දුම් කුඩු නැමැති නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් අත් අත්අඩංගුවට ගන්නා ලදි....

2020-02-06

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජමුනා’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජමුනා’ නෞකාව අද (2020 පෙබරවාරි 06) කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. ...

2020-02-06

බලපත්‍ර රහිතව වැලි ගොඩ දැමූ පුද්ගලයින් සිව් දෙනෙකු (04) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 05 වන දින ගිං ග‍ඟේ බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස වැලි ගොඩ දමමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු (04) නාවික හමුදා බාරයට ගෙන ඇත....

2020-02-06

ගාලු මුවදොර වෙරළ තීරයේ නාවික හමුදාව විසින් සංරක්‍ෂණය කරන ලද කැස්බෑ බිත්තර තුලින් පැටවුන් පිටතට පැමිණේ.

නාවික හමුදාව විසින් ගාලු මුවදොර පිටියේදී සොයා ගෙන සංරක්‍ෂණය කරන ලද කැස්බෑ බිත්තර තුලින් 2020 ජනවාරි 05 වන දින පැටවුන් පිටතට පැමිණීම සිදු විය....

2020-02-06

කේරළ ගංජා කිලෝ 4කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා බාරයට.

නාවික හමුදාව අද (2020 පෙබරවාරි 05) යාපනය, කුසුමන්තුරෙයි ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 4 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත්විය. ...

2020-02-06

නීති විරෝධී ලෙස ලඟ තබා ගත් මුහුදු කූඩැල්ලන් තොගයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත්වේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2020 පෙබරවාරි 05) මන්නාරම, සවුත්බාර් ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී ජීවී මුහුදු කූඩැල්ලන් තුන්සිය පනහක් (350) සමඟ පුද්ගලන් දෙදෙනෙක් (02) ක් නාවික හමුදා බාරයට ගන්නා ලදි. ...

2020-02-05

යාපනය මුහුදේ සිදු කල මෙහෙයුමකින් කේරළ ගංජා කි‍ලෝග්‍රෑම් 10 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සොයා ගනී.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 04 වන දින දින යාපනය, මාදගල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන ඇත....

2020-02-05

රුසියානු සමූහාණ්ඩුවේ යුද්ධ හමුදා සේනාවිධායක ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් (Oleg Salyukov) සහ නාවික හමුදාධිපතිතුමන් අතර හමුවක් නාවික හමුදා මූලස්ථානයේදී.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන රුසියානු සමූහාණ්ඩුවේ ‍ යුද්ධ හමුදා සේනාවිධායක ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් (Oleg Salyukov) අද (2020 පෙබරවාරි 05) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය....

2020-02-05

මෙම වසරේ ගතවූ දින 35ක කාලය තුල ටොන් එකකට ආසන්න කේරළ ගංජා තොගයක් නාවික හමුදා මෙහෙයුම් මගින් අත්අඩංගුවට.

කන්කසන්තුරය මුහුදු ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කළ මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 157 ක ප්‍රමාණයක් 2020 පෙබරවාරි 04 වන දින සොයා ගන්නා ලදි....

2020-02-05

‘මේ ඔබේ නාවික හමුදාවයි’ මැයෙන් නාවික හමුදා ප්‍රදර්ශණයක් හා සංදර්ශණයක් ගාලු මුවදොරදී.

කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද ‍(2020 පෙබරවාරි 04) පෙරවරුවේ පැවති 72 වන නිදහස් සැමරුම් උළෙලට සමගාමීව ‘මේ ඔබේ නාවික හමුදාවයි’ මැයෙන් නාවික හමුදා ප්‍රදර්ශණයක් සහ සංදර්ශණයක් ගාලු මුවදොරදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි....

2020-02-04

72 වන නිදහස් දින සැමරුම් උළෙලට නාවික හමුදාව මහත් අභිමානයෙන් යුතුව සහභාගී වන ලදි

කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද ‍(2020 පෙබරවාරි 04) පෙරවරුවේ පැවති 72 වන නිදහස් සැමරුම් උළෙල සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, ...

2020-02-04